Tuesday, November 24, 2015

කැමරාවේ බැටරි ආයුකාලය වැඩි කරගන්නා හැටි.


ඔව් අද කතා කරන්න කියල හිතුවේ camera සම්බන්දව ඒ ගොඩ දෙනෙක් මුහුණ දෙන පොදු ගැටලුවක්... එහෙම කිව්වහම ගොඩක් අයට තේරුම් යන්න ඇති.. ඔව් අද අපි ඇත්තටම කතා කරන්නේ camera එකේ battery එක ගැන.. ඒ කිව්වේ battery එක හැදිලා තියෙන විදිහනම් නෙමේ.. battery එක දිගු කාලයක් පාවිච්චි කරන එක ගැන.. එහනම් අපි වැඩේට බහිමු..

1.camera එකේ තියෙන LCD screen එක off කරල දාන්න.

 මේකනම් ගොඩක් අදාළ වෙන්නේ DSLR/SLR camera(DSLR/SLR දන්නේ නැත්නම් google search පාරක් දාල බලන්න) වලට මොකද එවලට optical viewfinder එකක් සහ LCD screen එකක් හම්බ වෙන නිසා.. lcd scrren එක off කරලා view finder එකෙන් විතරක් බලල photo එකක් ගන්න හැකියාවක් තියෙනවා.. ඇත්තටම මේකෙන් ලොකු විදුලි බලයක් ඉතිරි කරගැනීමේ හැකියාව තියෙනවා... නමුත් මේක ගොඩක් අයට නුපුරුදු දෙයක් වෙන්න පුළුවන්.. එකට ඉතින් අමාරුවෙන් හරි හුරු වෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..

2.LCD screen එක බාවිතයේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට Brightness එක පවත්වාගන්න.

3.Auto power off.

අලුතෙන් එන බොහෝ කැමරාවල මේ option එක එනවා.. අපිට කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය ගානට වෙලා තියෙන එක විතරයි.. අපි camera එකේ වැඩ කරන්නේ නැත්නම් මේකෙන් auto camera එක off වෙනවා.. මමනම් හිතන විදිහට විනාඩි තුනක් වගේ කාලක් මේකට ප්‍රමාණවත්.(Compact digital camera පාවිච්චි කරන අයටනම් මේක කරදරක් වෙන්න පුළුවන් මොකද විනාඩි තුනකට power off වෙන්න දුන්නොත් ලෙන්ස් එක හැමතිස්සෙම ඇතුලට යන හින්ද.. එක හින්ද අපේ battery එකේ විදුලිය ඉක්මනට බහින්න පුළුවන්)

4.Auto display off.

මේ දේනම් අපිට ගොඩක් වටිනවා මොකද වැඩි විදුලි බලයක් ගන්න display එක අපි වැඩක් කරන්නේ නැති වෙලාවට off වෙන නිසා..

5.Zoom කරන එක ගොඩක් අඩු කරන්න.

මේකෙදි Digital camera වල ලෙන්ස් එක ඉස්සරහට පස්සට කරන්න motor එකක් වැඩ කරන්න ඕනේ නිසා ලොකු බලයක් වය වෙනවා.. මම දැකල තියෙන විදිහට Dslr camera වලනම් Zoom,Focus වගේ දේවල් camera එක මගින් කරන්න හැකියාව තිබුනත්.. Zoom,Focus වගේ දේවල් manual අපේ අතින් කරන්න හැකියාවත් තියෙනවා..  මම Dslr camera එකක් වැඩිය පාචිච්චි කරලා නැති නිසා මේක හරියටම කියන්න බැහැ.

කෙසේ වෙතත් Digital camera වලට වඩා වැඩි බැටරි කාලයක් Dslr camera වලටනම් තියෙනවා.

6.Flash එක අවශ්‍ය වෙලාවට පමණක් පාවිච්චි කරන්න.

flash එකනම් ගොඩක් වටින දෙයක්නේ අදුරු තැන් වලදී.. නමුත් අචශ්‍ය නැති වෙලාවට flash එක පාවිච්චි කරන එකනම් ලොකු බැටරි බල නාස්තියක්.. එක නිසා පුළුවන් හැම වෙලාවකම flash එක off කරලා camera එක use කරන්න.

7.ගත්ත ෆොටෝ හොදද කියල camera එකෙන් බලන්න යන්න එපා

මේක තමා ගොඩක් අය කරන වැරැද්ද.. ගොඩක් කට්ටිය ගත්ත ෆොටෝ ටික බලන්නත් camera එක පාවිච්චි කරනවා.. මේකෙන් ඇත්තටම වෙන්නේ තව ෆොටෝ ටිකක් ගන්න තිබ්බ අවස්තාව නැති වෙලා යන එක.. ගත්ත ෆොටෝ ටික පස්සේ බලන්න තියාගන්න ... හොද ෆොටෝ ටිකක් ගන්න මුල් තැන දෙන්න..

8.හැමතිස්සෙම camera එකේ battery charge කරලා තියාගන්න වග බලාගන්න.

මේක ඇත්තටම වැදගත් වෙන්නේ හදිසි අවස්ථාවකදී මොකද සොදුරු අවස්තාවකදී හෝ හදිසි ගමනක් වැටුණු වෙලාවක camera battery charge කර කර ඉන්න වෙලාවක් නැති නිසා සහ charge වීමට සැලකිය යුතු වෙලාවක් ගන්න නිසා..

ඔන්න මම දන්නා කරුණු ටිකක් ඔයාලත් එක්ක බෙදාගත්තා .. එහෙනම් අදට post එක ඉවරයි .. හැමෝටම සුබ දවසක්.. පුලුවන්නම් comment එකක් දාල අපිව දිරිමත් කරන්න.

Share this

0 Comment to "කැමරාවේ බැටරි ආයුකාලය වැඩි කරගන්නා හැටි."

Post a Comment