Showing posts with label Mobile. Show all posts
Showing posts with label Mobile. Show all posts

Wednesday, December 2, 2015

Desktop එකට Laptop එකට android දාමු.


ඔව්.. අද කියන්න යන්නේ තමන් ගාව තියෙන ලැප්ටොප් එකට ඩෙස්ක්ටොප් එකට android os එක දාන විදිහ ගැන.. ඒ කිව්වේ අර Blue stack වගේ android' emulaters දාල කරන වැඩේ වගේනම් නෙමේ.. මේක අපි කරන්නේ XP , 7 දානවා වගේ Bios වලින් boot කරල තමයි වැඩේ කරන්න තියෙන්නේ.. ඉතින් මේක install කරන්න ඕනෙම නැහැ.. android අත්දැකීම විදින්න අර උබුන්ටු වල තියෙනවා වගේ live වැඩකරලා බලන්න පුළුවන් හැකියාවද මේකේ අන්තර්ගත වෙනවා.. හරි එහෙනම් අපි වැඩේට බහිමු..

1.ඉස්සෙල්ලම android 5.1 (Lolipop) version එක download කරගන්න.

2.Download කරගත්තට පස්සේ iso image එක CD එකකට හරි Pen Drive එකකට හරි දාගන්න.අපි මීට කලින් post එකක් ලිව්වා iso image එක CD එකකට දාන විදිහ ගැන post එකක් ලිව්වා එක බලන්න මෙතනින් යන්න.
  

3.ඊට පස්සේ පරිගණකයේ boot menu(Bios) එකට ගිහිල්ල CD එක හරි Pen එක හරි boot කරන්න.

4.ඊට පස්සේ එන menu එකෙන්  ඔයාලට පෙනෙයි,
    උඩින්ම - Live CD ( Run android without installation)
    පහළින්ම - Installation (Install android to hard disk)

5.*ඕකෙන් live cd select කරොත් අපේ තියෙන os එකට කිසිම අවුලක් නැතිව install නොකර android os එක run කරලා බලන්න පුළුවන්
    
    * Installation කියන එක select කරොත් වෙන්නේ අපේ hard එකට android os එක install කරන setup එකට යන එක.

මෙන්න බලන්න screenshot ටිකක්.





එහෙනම් අදට post එක ඉවරයි... ඔයාලත් android os එක දාල try කරලා බලන්න

Friday, November 20, 2015

Samsung phone වලට custom rom ගහමු.


ඔව්.. අද ඉතින් කතා කරන්න යන්නේ .. smart phone පාවිච්චි කරන අය අතරේ ජනප්‍රිය මාතෘකාවක්.. මොකද ගොඩක් අයට official updates ලැබෙන්නේ නැති නිසා ගොඩක් අය පෙලබෙනවා මේ custom rom දාගන්න.. ඒවගේම phone එක අලුතෙන් ගද්දිම එන stock rom එක මෙලෝ රහක් නැති යටත් මේක අදාලයි...

ඇත්තටම rom ගහන එක ගැන මට වැඩි දැනුමක් නම් තිබ්බේ නැහැ.. නමුත් දවස් කිහිපයකට phone (Samsung Galaxy Fame-GT6810P)  එකක් හම්බ උන නිසා ... එකත් එක්ක ඔට්ටු වෙලා තමයි මේ දේවල් ගැන දැනගන්න ලැබුනේ.. කෙසේවෙතත් මේකට මම rom දහයකට වඩා දාල බැලුව.. කිසිම අවුලක් නැතිව පාවිච්චි කරලා බැලුව.

Custom rom කියන්නේ,
                                    custom rom කියන්නේ මොනවාද කියල කිව්වොත්.. android os එක open source os එකක් නිසා ඔන්න කෙනෙක්ට තමන්ට කැමති විදිහට coding කරල custom rom එකක් හදාගන පුළුවන්..
ඒ වගේ ජනප්‍රිය custom rom එකක් තමා Cyanogenmod කියන්නේ...

ඔබගේ අත්වැරදීමෙන් සිදුවන දේවල් වලට මම වග කියන්නේ නැහැ.

උඩ කියල තියෙන එක ගැන කිව්වොත් මේක කරන එකෙන් අපේ phone එක brick(ගඩොලක්) වීමේ හැකියාවක් තියෙනවා.. ඒ වගේම ඔයාගේ warrenty එකද නැති වෙනවා. (brick වෙනවා කියන්නේ phone එක on වෙන ලෝගෝ එකෙන් නැවතිලා තියෙන එකනම් නෙමේ.. brick වෙනවා කියන්නේ phone එක on කරගන්නම බැරි තත්වෙට පත්වෙන එක.. හැබැයි මේකෙන් ගොඩ යන්න පුළුවන් අවස්ථාද තියෙනවා..

මේක කරන්න කලින් phone එක 70% වත් charge කරලා ඉන්න... හොදට charge කරපු ලැප්ටොප් එකක් මේ වැඩේට පාචිච්චි කරන්න පුලුවන්නම් තවත් හොදයි..

1.ඉස්සෙල්ලම අපි phone එක root කරලා තියෙන්න ඕනේ.. අපි root කරන හැටිත් ලිපියක් ලිව්වා එක බැලුවේ නැත්නම් පහලින් බලන්න

2.Odin software එක download කරගන්න.
මේක අපිට ඕනේ වෙනවා cwm recovery එක flash කරන්න... 

3.දැන් අපි හොයාගන්න ඕනේ cwm recovery එකක්... එක අපිට හොයාගන්න වෙන්නේ google එකේ search එකක් දාල.... (Eg: cwm recovery for samsung galaxy fame - GT6810P)

මේ තියෙන්නේ samsung galaxy fame - GT6810P එකට මම යොදාගත්තා cwm recovery එක.


අපි download කරගත්ත cwm එක zip file එකක් නම් extract කරන්න යන්න එපා.

4.ඔයාගේ phone එකට අදාළ drivers download කරලා තියාගන්න නැත්නම් odin එකෙන් detect කරන එකක් නැහැ.

4.odin open කරල තියාගන්න..

5.phone එක off කරල phone එක download mode එකට ගන්න ( Power button+Home button+Volume Down Button) ඊට පස්සේ continue කරන්න Volume up button එක ඔබන්න.

6.odin එකෙන් detect කරානම් පහල තියෙන කොළපාටින් ලකුණු කරලා තියෙන තැන පෙන්නන්න ඕනේ..
ඒ වගේම ඔය රතු පාටින් ලකුණු කරලා තියෙන ticks ටික දාන්න අමතක කරන්න එපා..

7.දැන් odin වල pda කියන තැනට අර download කරගත්තු cwm recovery zip file එක දෙන්නකෝ..ඊට පස්සේ Start දෙන්න.. ටික වෙලාවක් ගියාට පස්සේ pass කියල වැටුනොත් ගොඩ..

8.ඔන්න දැන් cwm එකත් flash කරා... දැන් කරන්න තියෙන්නේ rom එකේ වැඩේ...
ඉස්සෙල්ලම තමන්ගේ phone එකට හරි යන rom එකක් හොයාගන්න... ගොඩක් rom xda එකේ තියෙනවා..
google search එක්ක දාලත් පහසුවෙන් හොයාගන්න පුළුවන්... (Best roms for samsung galaxy fame GT-6810P)
මෙන්න මම  samsung galaxy fame GT-6810P එකට පාචිච්චි කරපු kitkat rom එක.
xda developers site එකට,




9.දැන් ඔය download කරගත්තු rom එක zip file එකක් වෙන්න ඕනේ.. නැත්නම් බැහැ... rom එක phone එකේ sd card එකට දාගන්නකෝ... 

10.දැන් අයෙත් phone එකේ recovery mode එකට යන්න (Power button+Home Button+Volume up)
ගිහිල්ල ඉස්සෙල්ලම Backup and Restore එකට ගිහිල්ල backup එකක් ගන්න.. මොකද අවුලක් උනොත් backup එක තියෙන නිසා....

11. * දැන් Wipe data/Factory reset කරන්න..
      * wipe cache partition එකත් කරන්න.
      * wipe dalvik cache එකත් කරන්න.
      * install zip from sd card ගිහිල්ල තමන් download කරගත්තු rom එක install කරන්න.. එකට ටික    වෙලාවක් ගනී.. ඊට පස්සේ install from sd card complete කියල වැටෙයි... එහෙම උනේ නැත්නම් බය වෙන්න එපා.. අපේ backup එක පාවිච්චි කරන්න..
     * අන්තිමට reboot system now දෙන්න...

12.දැන් අපි rom එක install කරලා ඉවරයි... ඊට පස්සේ සැලකිය යුතු වෙලාවක් ගන්නවා boot වෙන්න(විනාඩි 10 ක් වගේ).. බැරිවෙලාවත් boot loop වෙනවනම්(ලෝගෝ එකෙන් පස්සේ යන්නේ නැත්නම්)..  නැවත recovery mode එකට ගිහිල්ල Wipe data/Factory Reset දෙන්න

ආසාවට වගේ වෙනත් phone model වල rom එහෙම ගහන්න එපා.. phone එක brick වෙයි

එහෙනම් අදට post එක ඉවරයි... ඔයාට මේ සම්බන්දව ගැටළු තියෙනවනම් comment section එක බාවිතා කරන්න... එහෙනම් අපි ගියා..

                                          
   මම ගහපු rom එකේ පින්තුර ටිකක්.

















Saturday, September 26, 2015

Android Phone එකක් විනාඩි කිහිපයකින් root කරගමු


ඔව්.. අද ඉතින් ටික කාලෙකට පස්සේ post එකක් ලියන්න හිතුනා.. මේ දවස්වල phone එකක් අල්ලගෙන එක එක වැඩ කර කර ඉන්නවා.... එක හින්දම phone එකක් ලේසියෙන්ම root කරන විදිහ කියන්න හිතුවා..
එහෙනම් අපි පියවරෙන් පියවර වැඩේ කරලා බලමු... :)

Root කිරීමේ වාසි 

- දුරකතනයේ සියලුම පාලන බලතල හිමිවේ.
- custom rom install කල හැකිවේ.
- uninstall කරන්න බැරි apps uninstall කල හැකිවේ.
- දුරකථනය වේගවත් කරගත හැක.
- දුරකතනයේ බැටරි කාලය වැඩි කර ගත හැකි වේ.
- ඔය වගේ කරුණු කිහිපයක්

Root කිරීමේ අවාසි

- දුරකතනයේ warranty එක අහෝසි වේ. (මම දෙන software එකේ unroot කිරීමේ හැකියාව පවතී.)
- root කරන අතරතුර මොකක් හරි තමාගේ අත්වැරැද්දක් උනොත් phone එක brick වීමේ හැකියාව.
- ඔය වගේ කරුණු කිහිපයක්.

හරි එහෙනම් දැන් අපි වැඩේට බහිමු.

මේ වැඩේ කරන්න ඉස්සෙල්ල ලැප්ටොප් එකක් හරි නැතිනම් ups එකක් සහිත desktop එකක් තියෙනවනම් වඩා හොදයි.. මොකද ලංකාවේ විදුලිය ගැන විශ්වාසය තියන්න බැරි නිසා... මොකද ඔය අතරතුර විදුලිය විසන්ධි උනොත් phone එකට කෙල වෙන නිසා... :)

1.ඉස්සෙල්ලම මම දෙන software එක install කරගන්න.

2.තමන්ගේ phone එකට අදාලව drivers හොයාගන්න.. සමහර phone වලට auto drivers ගන්නවා.
3.දැන් ඔයාගේ phone එකේ debugging on කරන්න. (settings >> developer options >> usb debugging)


4.usb cable එක මගින් phone එක computer එකට connect කරන්න.


5.phone එක connect උනාට පස්සේ මෙහෙම වැටෙයි.ඊට පස්සේ root කියන button එක click කරන්න.

6.root උනාට පස්සේ මෙහෙම වැටෙයි.

ඊට පස්සේ phone එක restart වෙයි ... දැන් ඔයාට root access තියෙනවා.ඔයාලට මුලදී කිව්වා වගේ මේ software එක මගින්ම unroot කරගන්නත් පුළුවන්..

එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක් !!!



Sunday, December 21, 2014

Apple iPhone දුරකතනයක් Original ද කියල දැනගන්නේ කොහොමද?


මම ඔයාලට අද කියන්න' යන්නේ iphone එකක් real ද fake කියල බලාගන්න පුළුවන් විදිහක් ගැනයි...
අද කාලේ ඉතින් ගොඩක් අය ගාව iphone තියෙනවනේ ඉතින් මේක iphone තියෙන අයට වගේම iphone එකක් ගන්න බලාපොරුත්තුවෙන් ඉන්න අයටත් වැදගත් වෙයි කියල හිතනවා.......එහෙනම් අපි වැඩේට බහිමු.

සෑම iPhone දුරකතනයක්ම හඳුනාගැනීමට හැකි වෙන ලෙස serial number එකක් තිබෙනවා. එම අංකය Apple සමාගෙම් දත්ත ගබඩාව (database) තුල පරික්ෂා කර බැලීමට හැකියාව තිබෙනවා. ඔයාගේ iphone එකේ එම අංකය සොයා ගැනීමට settings/genaral/about වෙත යන්න. දැන් එම Serial Number ඇපල් සමාගමේ දත්තගබඩාව තුල පරික්ෂා කරල බලන්න තමා තියෙන්නේ... 


මෙතනින් යන්න,



ඉහත ලින්ක් එකට ගියාට පස්සේ තමාගේ iphone එකේ serial එක දෙන්න...

ඊට පස්සේ තියෙන්නේ ඔය  continue button එක ඔබන්න.......ඉතින් ඔයාගේ phone එක real එකක් නම් එම iphone එක පිලිබදව විස්තර ලබාදෙනවා.........එහෙම විස්තර ලබාදෙන්නේ නැතිව පහත පරිදි  error එකක් එනවනම් හොද iphone එකක් කියල කියන්න බැහැ..ඒ කියන්නේ ඉතින් fake තම...

සැ:යු = ඔබගේ iphone එකේ serial එකහරියටම නිවරැදිද  ඔබ type කරලද යන්න තහවුරු කරගන්න.


fake iphone එකක් නම් පෙන්වන ආකාරය.


එහෙනම් මම යනවා....හැම දෙනාටම සුබ දවසක් !!!