Friday, November 20, 2015

Samsung phone වලට custom rom ගහමු.


ඔව්.. අද ඉතින් කතා කරන්න යන්නේ .. smart phone පාවිච්චි කරන අය අතරේ ජනප්‍රිය මාතෘකාවක්.. මොකද ගොඩක් අයට official updates ලැබෙන්නේ නැති නිසා ගොඩක් අය පෙලබෙනවා මේ custom rom දාගන්න.. ඒවගේම phone එක අලුතෙන් ගද්දිම එන stock rom එක මෙලෝ රහක් නැති යටත් මේක අදාලයි...

ඇත්තටම rom ගහන එක ගැන මට වැඩි දැනුමක් නම් තිබ්බේ නැහැ.. නමුත් දවස් කිහිපයකට phone (Samsung Galaxy Fame-GT6810P)  එකක් හම්බ උන නිසා ... එකත් එක්ක ඔට්ටු වෙලා තමයි මේ දේවල් ගැන දැනගන්න ලැබුනේ.. කෙසේවෙතත් මේකට මම rom දහයකට වඩා දාල බැලුව.. කිසිම අවුලක් නැතිව පාවිච්චි කරලා බැලුව.

Custom rom කියන්නේ,
                                    custom rom කියන්නේ මොනවාද කියල කිව්වොත්.. android os එක open source os එකක් නිසා ඔන්න කෙනෙක්ට තමන්ට කැමති විදිහට coding කරල custom rom එකක් හදාගන පුළුවන්..
ඒ වගේ ජනප්‍රිය custom rom එකක් තමා Cyanogenmod කියන්නේ...

ඔබගේ අත්වැරදීමෙන් සිදුවන දේවල් වලට මම වග කියන්නේ නැහැ.

උඩ කියල තියෙන එක ගැන කිව්වොත් මේක කරන එකෙන් අපේ phone එක brick(ගඩොලක්) වීමේ හැකියාවක් තියෙනවා.. ඒ වගේම ඔයාගේ warrenty එකද නැති වෙනවා. (brick වෙනවා කියන්නේ phone එක on වෙන ලෝගෝ එකෙන් නැවතිලා තියෙන එකනම් නෙමේ.. brick වෙනවා කියන්නේ phone එක on කරගන්නම බැරි තත්වෙට පත්වෙන එක.. හැබැයි මේකෙන් ගොඩ යන්න පුළුවන් අවස්ථාද තියෙනවා..

මේක කරන්න කලින් phone එක 70% වත් charge කරලා ඉන්න... හොදට charge කරපු ලැප්ටොප් එකක් මේ වැඩේට පාචිච්චි කරන්න පුලුවන්නම් තවත් හොදයි..

1.ඉස්සෙල්ලම අපි phone එක root කරලා තියෙන්න ඕනේ.. අපි root කරන හැටිත් ලිපියක් ලිව්වා එක බැලුවේ නැත්නම් පහලින් බලන්න

2.Odin software එක download කරගන්න.
මේක අපිට ඕනේ වෙනවා cwm recovery එක flash කරන්න... 

3.දැන් අපි හොයාගන්න ඕනේ cwm recovery එකක්... එක අපිට හොයාගන්න වෙන්නේ google එකේ search එකක් දාල.... (Eg: cwm recovery for samsung galaxy fame - GT6810P)

මේ තියෙන්නේ samsung galaxy fame - GT6810P එකට මම යොදාගත්තා cwm recovery එක.


අපි download කරගත්ත cwm එක zip file එකක් නම් extract කරන්න යන්න එපා.

4.ඔයාගේ phone එකට අදාළ drivers download කරලා තියාගන්න නැත්නම් odin එකෙන් detect කරන එකක් නැහැ.

4.odin open කරල තියාගන්න..

5.phone එක off කරල phone එක download mode එකට ගන්න ( Power button+Home button+Volume Down Button) ඊට පස්සේ continue කරන්න Volume up button එක ඔබන්න.

6.odin එකෙන් detect කරානම් පහල තියෙන කොළපාටින් ලකුණු කරලා තියෙන තැන පෙන්නන්න ඕනේ..
ඒ වගේම ඔය රතු පාටින් ලකුණු කරලා තියෙන ticks ටික දාන්න අමතක කරන්න එපා..

7.දැන් odin වල pda කියන තැනට අර download කරගත්තු cwm recovery zip file එක දෙන්නකෝ..ඊට පස්සේ Start දෙන්න.. ටික වෙලාවක් ගියාට පස්සේ pass කියල වැටුනොත් ගොඩ..

8.ඔන්න දැන් cwm එකත් flash කරා... දැන් කරන්න තියෙන්නේ rom එකේ වැඩේ...
ඉස්සෙල්ලම තමන්ගේ phone එකට හරි යන rom එකක් හොයාගන්න... ගොඩක් rom xda එකේ තියෙනවා..
google search එක්ක දාලත් පහසුවෙන් හොයාගන්න පුළුවන්... (Best roms for samsung galaxy fame GT-6810P)
මෙන්න මම  samsung galaxy fame GT-6810P එකට පාචිච්චි කරපු kitkat rom එක.
xda developers site එකට,




9.දැන් ඔය download කරගත්තු rom එක zip file එකක් වෙන්න ඕනේ.. නැත්නම් බැහැ... rom එක phone එකේ sd card එකට දාගන්නකෝ... 

10.දැන් අයෙත් phone එකේ recovery mode එකට යන්න (Power button+Home Button+Volume up)
ගිහිල්ල ඉස්සෙල්ලම Backup and Restore එකට ගිහිල්ල backup එකක් ගන්න.. මොකද අවුලක් උනොත් backup එක තියෙන නිසා....

11. * දැන් Wipe data/Factory reset කරන්න..
      * wipe cache partition එකත් කරන්න.
      * wipe dalvik cache එකත් කරන්න.
      * install zip from sd card ගිහිල්ල තමන් download කරගත්තු rom එක install කරන්න.. එකට ටික    වෙලාවක් ගනී.. ඊට පස්සේ install from sd card complete කියල වැටෙයි... එහෙම උනේ නැත්නම් බය වෙන්න එපා.. අපේ backup එක පාවිච්චි කරන්න..
     * අන්තිමට reboot system now දෙන්න...

12.දැන් අපි rom එක install කරලා ඉවරයි... ඊට පස්සේ සැලකිය යුතු වෙලාවක් ගන්නවා boot වෙන්න(විනාඩි 10 ක් වගේ).. බැරිවෙලාවත් boot loop වෙනවනම්(ලෝගෝ එකෙන් පස්සේ යන්නේ නැත්නම්)..  නැවත recovery mode එකට ගිහිල්ල Wipe data/Factory Reset දෙන්න

ආසාවට වගේ වෙනත් phone model වල rom එහෙම ගහන්න එපා.. phone එක brick වෙයි

එහෙනම් අදට post එක ඉවරයි... ඔයාට මේ සම්බන්දව ගැටළු තියෙනවනම් comment section එක බාවිතා කරන්න... එහෙනම් අපි ගියා..

                                          
   මම ගහපු rom එකේ පින්තුර ටිකක්.

















Share this

0 Comment to "Samsung phone වලට custom rom ගහමු."

Post a Comment