O/L වලින් පස්සේ ලියන පලවෙනි පොස්ට් එක තමා මේක ... ඇත්තම කිව්වොත් අවුරුද්දකට වගේ ආසන්න කාලයට පස්සේ තමා මේ පොස්ට් එක ලියන්නේ...
අද ඉතින් කියන්න යන්නේ අපි කරපු පොඩි සෙල්ලමක් ගැන.... මේකට මම නම දැම්මේ LAN Party 2016 කියල , මොකද අපි මේකේ කලේ Game සෙල්ලම් කරපු එක ඒ වගේම Game ටික සෙල්ලම් කලේ Local Network එකක නිසා .. කොහොම උනත් ලස්සනට වැඩේ ගියා ....
මගේ යාලුවෝ සෙට්එක ගොඩ කාලයක ඉදල කියන නිසා තමා මේක මම organize කලේ ... මීට කලිනුත් මේ වගේ වැඩක් කරලා තිබුනත් එකේදී එක Game එකක් විතරක් සෙල්ලම් කෙරුව නිසා ලොකු experience එකක් ගන්න බැරි උනා ... කොහොම උනත් එක නිසා Network එකක් Build Up කරන හැටි ගැන ගොඩක් දේවල් මම ඉගෙනගත්තා ..
අපේ තිබ්බ PC වල ලොකු specs තිබ්බේ නැති නිසා අපිට ගොඩක් ලොකු Games සෙල්ලම් කරන්න බැරි උනත් ලොකු අත්දැකීමක් වගේම ගොඩක් විනෝද වෙන්නත් පුළුවන් උනා .... අපි මේ වැඩේට PC 6 ක් පාවිච්චි කළා ..මම PC ටික එකට connect කරන්න Routers 2ක් පාවිච්චි කරා ... මොකද එක Router එකක තියෙන්නේ port 4ක් නිසා ...
අපි සෙල්ලම් කරපු Games ටික ;
1. COD 4 : Modern Warfare Multiplayer
2. San Andreas Multiplayer
3. Counter Strike Multiplayer
4. Most Wanted Multiplayer
ඇත්තටම දවසක් මදි මේවා සෙල්ලම් කරනවානම් ... :)
දැන් ඉතින් ඉස්සර අපි කරපු සෙල්ලම් නැති නිසා යාලුවෝ එකතු වෙලා ලොකු සතුටක් ලබන්න පුලුවන් නියම ක්රමයක් තමා මේක .. එක නිසා ඔයගොල්ලොත් try කරලා බලන්න මේ වගේ දෙයක් කරන්න ..
මේක ගැන තව මොනව හරි දැනගන්න ඕනෙනම් comment දාන්න .... එහෙනම් අදට මම යනවා ..
පහලින් අපේ Photo ටිකත් බලල යන්න .
Supiri bn
ReplyDeleteThanks mcn... +Shawn Mendes
DeleteMachan mta help ekak oni
ReplyDeleteindunil gayashan rathnayaka Kiyanna
Delete