Friday, November 20, 2015

Samsung phone වලට custom rom ගහමු.


ඔව්.. අද ඉතින් කතා කරන්න යන්නේ .. smart phone පාවිච්චි කරන අය අතරේ ජනප්‍රිය මාතෘකාවක්.. මොකද ගොඩක් අයට official updates ලැබෙන්නේ නැති නිසා ගොඩක් අය පෙලබෙනවා මේ custom rom දාගන්න.. ඒවගේම phone එක අලුතෙන් ගද්දිම එන stock rom එක මෙලෝ රහක් නැති යටත් මේක අදාලයි...

ඇත්තටම rom ගහන එක ගැන මට වැඩි දැනුමක් නම් තිබ්බේ නැහැ.. නමුත් දවස් කිහිපයකට phone (Samsung Galaxy Fame-GT6810P)  එකක් හම්බ උන නිසා ... එකත් එක්ක ඔට්ටු වෙලා තමයි මේ දේවල් ගැන දැනගන්න ලැබුනේ.. කෙසේවෙතත් මේකට මම rom දහයකට වඩා දාල බැලුව.. කිසිම අවුලක් නැතිව පාවිච්චි කරලා බැලුව.

Custom rom කියන්නේ,
                                    custom rom කියන්නේ මොනවාද කියල කිව්වොත්.. android os එක open source os එකක් නිසා ඔන්න කෙනෙක්ට තමන්ට කැමති විදිහට coding කරල custom rom එකක් හදාගන පුළුවන්..
ඒ වගේ ජනප්‍රිය custom rom එකක් තමා Cyanogenmod කියන්නේ...

ඔබගේ අත්වැරදීමෙන් සිදුවන දේවල් වලට මම වග කියන්නේ නැහැ.

උඩ කියල තියෙන එක ගැන කිව්වොත් මේක කරන එකෙන් අපේ phone එක brick(ගඩොලක්) වීමේ හැකියාවක් තියෙනවා.. ඒ වගේම ඔයාගේ warrenty එකද නැති වෙනවා. (brick වෙනවා කියන්නේ phone එක on වෙන ලෝගෝ එකෙන් නැවතිලා තියෙන එකනම් නෙමේ.. brick වෙනවා කියන්නේ phone එක on කරගන්නම බැරි තත්වෙට පත්වෙන එක.. හැබැයි මේකෙන් ගොඩ යන්න පුළුවන් අවස්ථාද තියෙනවා..

මේක කරන්න කලින් phone එක 70% වත් charge කරලා ඉන්න... හොදට charge කරපු ලැප්ටොප් එකක් මේ වැඩේට පාචිච්චි කරන්න පුලුවන්නම් තවත් හොදයි..

1.ඉස්සෙල්ලම අපි phone එක root කරලා තියෙන්න ඕනේ.. අපි root කරන හැටිත් ලිපියක් ලිව්වා එක බැලුවේ නැත්නම් පහලින් බලන්න

2.Odin software එක download කරගන්න.
මේක අපිට ඕනේ වෙනවා cwm recovery එක flash කරන්න... 

3.දැන් අපි හොයාගන්න ඕනේ cwm recovery එකක්... එක අපිට හොයාගන්න වෙන්නේ google එකේ search එකක් දාල.... (Eg: cwm recovery for samsung galaxy fame - GT6810P)

මේ තියෙන්නේ samsung galaxy fame - GT6810P එකට මම යොදාගත්තා cwm recovery එක.


අපි download කරගත්ත cwm එක zip file එකක් නම් extract කරන්න යන්න එපා.

4.ඔයාගේ phone එකට අදාළ drivers download කරලා තියාගන්න නැත්නම් odin එකෙන් detect කරන එකක් නැහැ.

4.odin open කරල තියාගන්න..

5.phone එක off කරල phone එක download mode එකට ගන්න ( Power button+Home button+Volume Down Button) ඊට පස්සේ continue කරන්න Volume up button එක ඔබන්න.

6.odin එකෙන් detect කරානම් පහල තියෙන කොළපාටින් ලකුණු කරලා තියෙන තැන පෙන්නන්න ඕනේ..
ඒ වගේම ඔය රතු පාටින් ලකුණු කරලා තියෙන ticks ටික දාන්න අමතක කරන්න එපා..

7.දැන් odin වල pda කියන තැනට අර download කරගත්තු cwm recovery zip file එක දෙන්නකෝ..ඊට පස්සේ Start දෙන්න.. ටික වෙලාවක් ගියාට පස්සේ pass කියල වැටුනොත් ගොඩ..

8.ඔන්න දැන් cwm එකත් flash කරා... දැන් කරන්න තියෙන්නේ rom එකේ වැඩේ...
ඉස්සෙල්ලම තමන්ගේ phone එකට හරි යන rom එකක් හොයාගන්න... ගොඩක් rom xda එකේ තියෙනවා..
google search එක්ක දාලත් පහසුවෙන් හොයාගන්න පුළුවන්... (Best roms for samsung galaxy fame GT-6810P)
මෙන්න මම  samsung galaxy fame GT-6810P එකට පාචිච්චි කරපු kitkat rom එක.
xda developers site එකට,




9.දැන් ඔය download කරගත්තු rom එක zip file එකක් වෙන්න ඕනේ.. නැත්නම් බැහැ... rom එක phone එකේ sd card එකට දාගන්නකෝ... 

10.දැන් අයෙත් phone එකේ recovery mode එකට යන්න (Power button+Home Button+Volume up)
ගිහිල්ල ඉස්සෙල්ලම Backup and Restore එකට ගිහිල්ල backup එකක් ගන්න.. මොකද අවුලක් උනොත් backup එක තියෙන නිසා....

11. * දැන් Wipe data/Factory reset කරන්න..
      * wipe cache partition එකත් කරන්න.
      * wipe dalvik cache එකත් කරන්න.
      * install zip from sd card ගිහිල්ල තමන් download කරගත්තු rom එක install කරන්න.. එකට ටික    වෙලාවක් ගනී.. ඊට පස්සේ install from sd card complete කියල වැටෙයි... එහෙම උනේ නැත්නම් බය වෙන්න එපා.. අපේ backup එක පාවිච්චි කරන්න..
     * අන්තිමට reboot system now දෙන්න...

12.දැන් අපි rom එක install කරලා ඉවරයි... ඊට පස්සේ සැලකිය යුතු වෙලාවක් ගන්නවා boot වෙන්න(විනාඩි 10 ක් වගේ).. බැරිවෙලාවත් boot loop වෙනවනම්(ලෝගෝ එකෙන් පස්සේ යන්නේ නැත්නම්)..  නැවත recovery mode එකට ගිහිල්ල Wipe data/Factory Reset දෙන්න

ආසාවට වගේ වෙනත් phone model වල rom එහෙම ගහන්න එපා.. phone එක brick වෙයි

එහෙනම් අදට post එක ඉවරයි... ඔයාට මේ සම්බන්දව ගැටළු තියෙනවනම් comment section එක බාවිතා කරන්න... එහෙනම් අපි ගියා..

                                          
   මම ගහපු rom එකේ පින්තුර ටිකක්.

















Ashampoo Burning Studio 2016 with serial.



ඔව්.. අද ඉතින් දෙන්න යන්නේ මම හිතන විදිහට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන CD/DVD burn කරන්න යොදාගන්නා ඉතා ජනප්‍රිය software එකක් මොකද Ashampoo Burning Studio කිව්වහම නොදන්නා කවුරුවත් නැති තරම්.. ඔන්න ඉහතින් ashampoo ල විසින් තමන්ගේ අලුත්ම Burning Studio version වන 2016 version එක එළිදක්වල තියෙනවා... ඒ අලුත් Bruning Studio 2016 අපි ඔයගොල්ලන්ට Serial එකත් එක්කම ලබා දෙනවා.. එහෙනම් පහලින් download කරගන්න..

ඉස්සෙල්ලම Burning Studio 2016 official site එකෙන් download කරගෙන ඉන්න.
මෙන්න Serial එක.




නිවැරදිව Paypal ගිණුමක් හදා ගමු.



ඔව්.. අද කතා කරන්න හිතුවේ ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ paypal account හදාගන්න ඕනේ පිළිවෙලයි... මේක ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙලා තියෙන්නේ.. අපේ රටට මේ paypal දෙන්නේ නැති නිසා.. ඒ කිව්වේ අපි sri lanka කියල country එක දාල paypal account එකක් හැදුවොත් අපි ගෙවීම් කරන්න විතරයි හැකියාව ලැබෙන්නේ... එක හින්ද ගොඩක් අය කරන්නේ malaysia හෝ singapore යන රටවල් දෙකෙන් එකක් දාල paypal account එකක් open කරන එක (මොකද ගොඩක් අය PTC sites වගේ දෙවල් වලින් සල්ලි ගෙන්න ගන්න නිසා) .. හැබැයි ඔතනදි වෙන ප්‍රශ්නේ තමා තමන්ගේ card එක paypal වලින් block කරා කියල හිතන්න.. එතකොට ඒ block වෙච්ච card එක ගොඩ දන්නා ඕනෙනම් අපිට අපේ identy card,ගෙදරට ලැබෙන බිල් වගේ දෙයක් paypal එකට යවන්න වෙනවා.. ඉතින් ඔය වෙලාවට malaysia හරි singapore කියල account එකක් හදපු කෙනෙක් හරි අමාරුවක වැටෙනවා... නැත්නම් අපි ebay එකෙන් බඩු ගන්න paypal පාවිච්චි කරනවා කියල හිටන්න සමහර sellers ල බඩු එවන්නේ paypal address එකට එතකොට අන්තිමට බඩුත් නැහැ.. ඔන්න ඔය වගේ වැඩ වෙන්නත් අවස්තාව තියෙනවා... ඔය මම කිව්වේ අමතර කරුණක් ..

මම මේ පහලින් දාල තියෙනවා vishara.blogspot විසින් කරලා තියෙන video එකක් paypal account එකක් හදාගන්න එක සම්බන්දව.. ඉතින් මම හිතනවා එකෙන් හොද අවබෝදයක් ගන්න පුළුවන් වෙයි කියල මේ දේ සම්බන්දව ..


Paypal වල register වෙන්න,






Thursday, November 19, 2015

Url short කරලා සල්ලි හොයන්න පුළුවන් හොදම sites 5ක්.


ඔව්.. අද ඉතින් කියන්න යන්නේ සල්ලි හොයන වැඩක් ... එහෙම කිව්වම ඉතින් කවුරුත් උනන්දුයිනේ ... අද කාලේ website එකක් කරගෙන යන blog එකක් ලියන කෙනෙක් නැති තරම්.. :) කොහොම කොහොම හරි කවුරුත් ආසයි තමන් මේ විනෝදෙට කරගෙන යන site එකෙන් කීයක් හරි හොයාගන්න පුලුවන්නම්.. මෙහෙම කිව්වහම website එකක් නැති කෙනෙක් දුක් වෙන්න ඕනේ නැහැ මොකද ඔය හොද post එකක් දෙකක් facebook,twitter වගේ social sites වල share කරල ඔයාටත් සල්ලි හොයන්න අවස්තාවක් නැතුවා නොවේ.. ඉතින් ඒ වගේ සල්ලි හොයන්න පුළුවන් url short කරල සල්ලි හොයන්න පුළුවන් websites ටිකක් ගැන දැනුවත් කරන්නයි අද මේ යන්නේ ,

ඇත්තටම මේ දේ ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවනම්,
අපි ගාව තියෙනවා කියල හිතන්න හොද post එකක් එකේ link එක මේ url short කරන website එකකට දාල url එක short කරන්න පුළුවන්.. ඊට පස්සේ එක අපි facebook,twitter වගේ sites වල share කෙරුවාම ඒ share කරපු link එක හරහා යද්දී ඒ කෙනා තත්පර 5ක් වගේ කාලයක් බලා ඉදල skip ad කියල දකුණේ පැත්තේ උඩ තියෙන button එක click කරලා තමා අර link එකට යන්න ඕනේ... ඊට පස්සේ එයා ඒ ad එක බැලුවට අපිට යම්කිසි මුදලක් අර url short කරගත්ත website එකක් අපිට ගෙවනවා.. එහෙනම් හරි එක ගැනත් කිව්වා..

ඔය පහලින් දාල තියෙන sites මගේ කැමැත්ත අනුව තෝරගත්ත එව්ව.. තව මේ වගේ sites ගොඩක් තියෙනවා. 

1.Shorte. st

*Minimum payout - $5 (Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය - $1.16(for 1000 views)





*Minimum payout- $5 (Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය-$0.88(for 1000 views)





*Minimim payout- $5(Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය- $0.67-0.52 (for 1000 views)





*Minimum payout- $5(Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය හරියටම කියල නැහැ(All other country) - $1.5 (for 1000 views)




*Minimum payout- $5(Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය - $0.70 ( for 1000 views)







Saturday, November 14, 2015

පහසුවෙන් ෆොටෝ edit කරගන්න පුළුවන් PIXLR.


ඔව්... ලොකු කාලයකට පස්සේ බ්ලොග් එක ලියන්න හිතුන.. අද කතා කරන්න හිතුවේ  යම් කිසි ෆොටෝ එකක් ඉතා ඉක්මනින් ලස්සනට edit කරගන්න පුළුවන් online service එකක් ගැන.... ඉතින් මේක ගැන කිව්වොත් මේකේ නම තමා Pixlr ගොඩක් කට්ටිය අහල තියෙන්නත් පුළුවන් අහල නොතිබෙන්නත් පුළුවන්..
ඇත්තටම අද කාලේ ෆොටෝෂොප් වලින් හොදට ෆොටෝ එකක් edit කරල හදනවනම් හොද කට්ටක් කන්න ඕනේ බව ෆොටෝෂොප් පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇති. නමුත් හොද නිර්මාණ කරුවෙකුට මේක ගැටලුවක් නෙමේ..  ඉතින් ෆොටෝෂොප් ගැන වැඩිය දන්නේ නැති කෙනෙක්ට මේ වගේ වෙනත් සේවාවන් බාවිතා කරන්න පුළුවන්..  ඉතින් මේ editor එකෙන් හරි අපුරුවට effects,text,stickers,overlay වගේ දේවල් බාවිතා කරලා ලස්සන edit එකක් කරන්න පුළුවන්...

මේක ගැන තව දෙයක් කියනවනම් හිතන්න අපි ලග ෆොටෝෂොප් නැහැ නමුත් හදිස්සියක් අන්න ඒ වගේ අවස්තාවකටත් මේකෙන් ඉඩ දීල තියෙනවා layers,transform වැනි දේවල් එක්ක වැඩ කරන්න..  ඒ වගේම නිතරම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බැරි කෙනෙක්ට මේක software එකක් විදිහට download කරගෙන පාවිච්චි කරන්නත් මේකෙන් ඉඩ සලසල දීල තියෙනවා...

මම හිතන්නේ කතාවත් දිග වැඩි උනා හරි කමක් නැහැ... ඔය ගොල්ලෝ පාවිච්චි කරලා බලල හොද නරක කියන්න..
PIXLR Express mode එක


PIXLR Editor mode එක


PIXLR online editor එකට.



PIXLR එක download කරගන්න


 අපිට දිරිගැන්වීමක් වශයෙන් comment එකක් දාල යන්න.. ස්තුතියි

Thursday, October 8, 2015

Facebook like button එකත් එක්ක එකතුවෙන Emoji 6.




ඔව් අද ඉතින් කියන්න යන්නේ අපි බොහෝ දෙනෙක් බාවිතා කරන Facebook එක මගින් හදුන්වා දුන්නු විශේෂාංග රැසක් ගැන.. මීට ටික දවසකට කලින් ඔයාලට මත ඇති Facebook නිර්මාතෘ විසින් කියල තිබ්බ like button එක වෙනුවට තවත් button එකක් හදුන්වා දෙන බව..ඉතින් කවුරුත් හිතුවේ මේක dislike button එකක් වෙන්න ඇති කියල... නැහැ ඇත්තටම ඔවුන් ලබාදීල තියෙන්නේ like button එක එක්ක Emoji හයක් ඉතින් මේක ගැන ගොඩක් අය අදහස් දක්වල තිබුනා.. සමහර අය කියල තිබුන අපිට ඕනේ dislike button එකක් කියල .. තවත් සමහර අය Emoji වලට හොද කියල තිබුන... ඒ වගේම මේක තවම ලන්කාවටනම් නැහැ.. ඉතින් බොහොම කෙටි කාලයකින් ලංකාවත් එයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.. එහෙනම් මම ගියා.. හදුන්වාදීමේ video එක පහලින් බලන්න...