Thursday, November 19, 2015

Url short කරලා සල්ලි හොයන්න පුළුවන් හොදම sites 5ක්.


ඔව්.. අද ඉතින් කියන්න යන්නේ සල්ලි හොයන වැඩක් ... එහෙම කිව්වම ඉතින් කවුරුත් උනන්දුයිනේ ... අද කාලේ website එකක් කරගෙන යන blog එකක් ලියන කෙනෙක් නැති තරම්.. :) කොහොම කොහොම හරි කවුරුත් ආසයි තමන් මේ විනෝදෙට කරගෙන යන site එකෙන් කීයක් හරි හොයාගන්න පුලුවන්නම්.. මෙහෙම කිව්වහම website එකක් නැති කෙනෙක් දුක් වෙන්න ඕනේ නැහැ මොකද ඔය හොද post එකක් දෙකක් facebook,twitter වගේ social sites වල share කරල ඔයාටත් සල්ලි හොයන්න අවස්තාවක් නැතුවා නොවේ.. ඉතින් ඒ වගේ සල්ලි හොයන්න පුළුවන් url short කරල සල්ලි හොයන්න පුළුවන් websites ටිකක් ගැන දැනුවත් කරන්නයි අද මේ යන්නේ ,

ඇත්තටම මේ දේ ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවනම්,
අපි ගාව තියෙනවා කියල හිතන්න හොද post එකක් එකේ link එක මේ url short කරන website එකකට දාල url එක short කරන්න පුළුවන්.. ඊට පස්සේ එක අපි facebook,twitter වගේ sites වල share කෙරුවාම ඒ share කරපු link එක හරහා යද්දී ඒ කෙනා තත්පර 5ක් වගේ කාලයක් බලා ඉදල skip ad කියල දකුණේ පැත්තේ උඩ තියෙන button එක click කරලා තමා අර link එකට යන්න ඕනේ... ඊට පස්සේ එයා ඒ ad එක බැලුවට අපිට යම්කිසි මුදලක් අර url short කරගත්ත website එකක් අපිට ගෙවනවා.. එහෙනම් හරි එක ගැනත් කිව්වා..

ඔය පහලින් දාල තියෙන sites මගේ කැමැත්ත අනුව තෝරගත්ත එව්ව.. තව මේ වගේ sites ගොඩක් තියෙනවා. 

1.Shorte. st

*Minimum payout - $5 (Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය - $1.16(for 1000 views)





*Minimum payout- $5 (Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය-$0.88(for 1000 views)





*Minimim payout- $5(Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය- $0.67-0.52 (for 1000 views)





*Minimum payout- $5(Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය හරියටම කියල නැහැ(All other country) - $1.5 (for 1000 views)




*Minimum payout- $5(Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය - $0.70 ( for 1000 views)







Saturday, November 14, 2015

පහසුවෙන් ෆොටෝ edit කරගන්න පුළුවන් PIXLR.


ඔව්... ලොකු කාලයකට පස්සේ බ්ලොග් එක ලියන්න හිතුන.. අද කතා කරන්න හිතුවේ  යම් කිසි ෆොටෝ එකක් ඉතා ඉක්මනින් ලස්සනට edit කරගන්න පුළුවන් online service එකක් ගැන.... ඉතින් මේක ගැන කිව්වොත් මේකේ නම තමා Pixlr ගොඩක් කට්ටිය අහල තියෙන්නත් පුළුවන් අහල නොතිබෙන්නත් පුළුවන්..
ඇත්තටම අද කාලේ ෆොටෝෂොප් වලින් හොදට ෆොටෝ එකක් edit කරල හදනවනම් හොද කට්ටක් කන්න ඕනේ බව ෆොටෝෂොප් පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇති. නමුත් හොද නිර්මාණ කරුවෙකුට මේක ගැටලුවක් නෙමේ..  ඉතින් ෆොටෝෂොප් ගැන වැඩිය දන්නේ නැති කෙනෙක්ට මේ වගේ වෙනත් සේවාවන් බාවිතා කරන්න පුළුවන්..  ඉතින් මේ editor එකෙන් හරි අපුරුවට effects,text,stickers,overlay වගේ දේවල් බාවිතා කරලා ලස්සන edit එකක් කරන්න පුළුවන්...

මේක ගැන තව දෙයක් කියනවනම් හිතන්න අපි ලග ෆොටෝෂොප් නැහැ නමුත් හදිස්සියක් අන්න ඒ වගේ අවස්තාවකටත් මේකෙන් ඉඩ දීල තියෙනවා layers,transform වැනි දේවල් එක්ක වැඩ කරන්න..  ඒ වගේම නිතරම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බැරි කෙනෙක්ට මේක software එකක් විදිහට download කරගෙන පාවිච්චි කරන්නත් මේකෙන් ඉඩ සලසල දීල තියෙනවා...

මම හිතන්නේ කතාවත් දිග වැඩි උනා හරි කමක් නැහැ... ඔය ගොල්ලෝ පාවිච්චි කරලා බලල හොද නරක කියන්න..
PIXLR Express mode එක


PIXLR Editor mode එක


PIXLR online editor එකට.



PIXLR එක download කරගන්න


 අපිට දිරිගැන්වීමක් වශයෙන් comment එකක් දාල යන්න.. ස්තුතියි

Thursday, October 8, 2015

Facebook like button එකත් එක්ක එකතුවෙන Emoji 6.




ඔව් අද ඉතින් කියන්න යන්නේ අපි බොහෝ දෙනෙක් බාවිතා කරන Facebook එක මගින් හදුන්වා දුන්නු විශේෂාංග රැසක් ගැන.. මීට ටික දවසකට කලින් ඔයාලට මත ඇති Facebook නිර්මාතෘ විසින් කියල තිබ්බ like button එක වෙනුවට තවත් button එකක් හදුන්වා දෙන බව..ඉතින් කවුරුත් හිතුවේ මේක dislike button එකක් වෙන්න ඇති කියල... නැහැ ඇත්තටම ඔවුන් ලබාදීල තියෙන්නේ like button එක එක්ක Emoji හයක් ඉතින් මේක ගැන ගොඩක් අය අදහස් දක්වල තිබුනා.. සමහර අය කියල තිබුන අපිට ඕනේ dislike button එකක් කියල .. තවත් සමහර අය Emoji වලට හොද කියල තිබුන... ඒ වගේම මේක තවම ලන්කාවටනම් නැහැ.. ඉතින් බොහොම කෙටි කාලයකින් ලංකාවත් එයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්.. එහෙනම් මම ගියා.. හදුන්වාදීමේ video එක පහලින් බලන්න...


Saturday, September 26, 2015

Android Phone එකක් විනාඩි කිහිපයකින් root කරගමු


ඔව්.. අද ඉතින් ටික කාලෙකට පස්සේ post එකක් ලියන්න හිතුනා.. මේ දවස්වල phone එකක් අල්ලගෙන එක එක වැඩ කර කර ඉන්නවා.... එක හින්දම phone එකක් ලේසියෙන්ම root කරන විදිහ කියන්න හිතුවා..
එහෙනම් අපි පියවරෙන් පියවර වැඩේ කරලා බලමු... :)

Root කිරීමේ වාසි 

- දුරකතනයේ සියලුම පාලන බලතල හිමිවේ.
- custom rom install කල හැකිවේ.
- uninstall කරන්න බැරි apps uninstall කල හැකිවේ.
- දුරකථනය වේගවත් කරගත හැක.
- දුරකතනයේ බැටරි කාලය වැඩි කර ගත හැකි වේ.
- ඔය වගේ කරුණු කිහිපයක්

Root කිරීමේ අවාසි

- දුරකතනයේ warranty එක අහෝසි වේ. (මම දෙන software එකේ unroot කිරීමේ හැකියාව පවතී.)
- root කරන අතරතුර මොකක් හරි තමාගේ අත්වැරැද්දක් උනොත් phone එක brick වීමේ හැකියාව.
- ඔය වගේ කරුණු කිහිපයක්.

හරි එහෙනම් දැන් අපි වැඩේට බහිමු.

මේ වැඩේ කරන්න ඉස්සෙල්ල ලැප්ටොප් එකක් හරි නැතිනම් ups එකක් සහිත desktop එකක් තියෙනවනම් වඩා හොදයි.. මොකද ලංකාවේ විදුලිය ගැන විශ්වාසය තියන්න බැරි නිසා... මොකද ඔය අතරතුර විදුලිය විසන්ධි උනොත් phone එකට කෙල වෙන නිසා... :)

1.ඉස්සෙල්ලම මම දෙන software එක install කරගන්න.

2.තමන්ගේ phone එකට අදාලව drivers හොයාගන්න.. සමහර phone වලට auto drivers ගන්නවා.
3.දැන් ඔයාගේ phone එකේ debugging on කරන්න. (settings >> developer options >> usb debugging)


4.usb cable එක මගින් phone එක computer එකට connect කරන්න.


5.phone එක connect උනාට පස්සේ මෙහෙම වැටෙයි.ඊට පස්සේ root කියන button එක click කරන්න.

6.root උනාට පස්සේ මෙහෙම වැටෙයි.

ඊට පස්සේ phone එක restart වෙයි ... දැන් ඔයාට root access තියෙනවා.ඔයාලට මුලදී කිව්වා වගේ මේ software එක මගින්ම unroot කරගන්නත් පුළුවන්..

එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක් !!!



Tuesday, September 1, 2015

Google සමාගමේ Logo එක අලුත් කරයි.....


කාලයක් තිස්සේ මහජන හද දිනාගනිමින් පැවත එන සමාගමක් ලෙස Google සමාගම ගන්න පුළුවන්... ඉතින් 2015 September මාසය ආරම්බයත් සමගම google විසින් තමාගේ ලෝගෝ එක අලුත් කිරීමට පියවර ගෙන ඇත... ඔවුන් මෙය හදුන්වා ඇත්තේ "The logo becomes part of a new family that includes the Google dots and 'G' icon."   ලෙසයි.

                                               Google Logo ඉතිහාසය.


1998 එළිදැක්වූ ලෝගෝ එක.


1998 අගෝස්තු 30 එළිදැක්වූ ලෝගෝ එක.


1998 සැප්තැම්බර් එළිදැක්වූ ලෝගෝ එක.


1999 මැයි එළිදැක්වූ ලෝගෝ එක.



2010 මැයි එළිදැක්වූ ලෝගෝ එක.




2013  සැප්තැම්බර් එළිදැක්වූ ලෝගෝ එක.



2015  සැප්තැම්බර් එළිදැක්වූ ලෝගෝ එක.

Saturday, August 29, 2015

Uninstall කරද්දී ඔක්කොම uninstall කරල දාමු..



ටික කාලෙකට පස්සේ තමා ඉතින් post එකක් ලියන්න හිතුනේ.... අද ඉතින් කියන්න යන්නේ හැමෝටම වෙන කරදරයක් ගැන... එක තමා ඉතින් අපි මොකක් හරි install කරලා එක uninstall කරන්න ඕන උන වෙලාවට සාමාන්‍යයෙන් යන්නේ windows වල control panel වල තියෙන Programs and Features වලටනේ..ඉතින් එකෙන් ගිහින් uninstall කරාම සමහර වෙලාවට computer එකේ තියෙන ඔක්කොම files ටික ඉවත් වෙන්නේ නැහැ...එකට විසදුමක් විදිහට මම ඔය ගොල්ලන්ට  අද දෙන්න හදන්නේ Iobit සමාගමෙන් නිපදවල තියෙන uninstaller එක ... ඉතින් මේකෙන් අර කිව්වා වගේ program එකක් අපි unistall කලාට පස්සේ තව මොනව හරි අපේ computer එකේ uninstall කරපු program එකට අදාලව තවත් file තියෙනවනම් ඒවත් ඉවත් කරලා දානවා.... ඉතින් ඔයාලත් try කරලා බලන්න...

                                             මෙන්න screenshots ටිකක් බලන්න..