Saturday, December 24, 2016

LAN Party 2016 (Multiplayer Games අත්දැකීම)


O/L වලින් පස්සේ ලියන පලවෙනි පොස්ට් එක තමා මේක ... ඇත්තම කිව්වොත් අවුරුද්දකට  වගේ ආසන්න කාලයට පස්සේ තමා මේ පොස්ට් එක ලියන්නේ...

අද ඉතින් කියන්න යන්නේ අපි කරපු පොඩි සෙල්ලමක් ගැන.... මේකට මම නම දැම්මේ LAN Party  2016 කියල , මොකද අපි මේකේ කලේ Game සෙල්ලම් කරපු එක ඒ වගේම Game  ටික සෙල්ලම් කලේ Local Network  එකක නිසා .. කොහොම උනත් ලස්සනට වැඩේ ගියා ....

මගේ යාලුවෝ සෙට්එක ගොඩ කාලයක ඉදල කියන නිසා තමා මේක  මම organize කලේ ... මීට කලිනුත් මේ වගේ වැඩක් කරලා තිබුනත් එකේදී එක Game එකක් විතරක් සෙල්ලම් කෙරුව නිසා ලොකු experience  එකක් ගන්න බැරි උනා ... කොහොම උනත් එක නිසා Network  එකක් Build  Up කරන හැටි ගැන ගොඩක් දේවල් මම ඉගෙනගත්තා ..

අපේ තිබ්බ PC  වල  ලොකු specs  තිබ්බේ නැති නිසා අපිට ගොඩක් ලොකු Games  සෙල්ලම් කරන්න බැරි උනත් ලොකු අත්දැකීමක් වගේම ගොඩක් විනෝද වෙන්නත් පුළුවන් උනා .... අපි මේ වැඩේට PC  6 ක්  පාවිච්චි කළා ..මම PC ටික එකට connect  කරන්න Routers 2ක්  පාවිච්චි කරා ... මොකද එක Router  එකක තියෙන්නේ port  4ක්  නිසා ...


අපි සෙල්ලම් කරපු Games  ටික ;

1. COD 4 : Modern Warfare Multiplayer
2. San Andreas Multiplayer
3. Counter Strike Multiplayer
4. Most Wanted Multiplayer


ඇත්තටම දවසක් මදි මේවා සෙල්ලම් කරනවානම් ... :)

දැන් ඉතින් ඉස්සර අපි කරපු සෙල්ලම් නැති නිසා යාලුවෝ එකතු වෙලා ලොකු සතුටක් ලබන්න පුලුවන්  නියම ක්‍රමයක් තමා මේක .. එක නිසා ඔයගොල්ලොත් try කරලා බලන්න මේ වගේ දෙයක් කරන්න ..

මේක  ගැන තව මොනව  හරි දැනගන්න ඕනෙනම් comment  දාන්න .... එහෙනම් අදට මම යනවා ..


පහලින් අපේ  Photo ටිකත් බලල යන්න .
















Saturday, January 30, 2016

External Hard Disk එකක් ගද්දි සැලකිලිමත් වියයුතු කරුණු.


ඔව්.. ලොකු කාලයකට පස්සේ ඔන්න post එකක් ලියන්න හිතුන ... ඉතින් අද කියන්න යන්නේ  External hard disk එකක් ගද්දි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කිහිපයක් ගැන...

සාමාන්‍යයෙන් කෙනෙකුට external hard disk එකක් අවශ්‍ය වෙන්නේ.... ඔහු නිතරම විශාල දත්ත ප්‍රමාණයක් එහා මෙහා ගෙන යනවනම් හෝ තමන්ගේ internal hard disk එකේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම යන කරුණු මතය..... එසේම pen drivers වලට වඩා හොද data transfer speed එකක් මේවා සතුවන නිසා computer එකකින් තවත් computer එකකට copy කිරීම් වැනි දේවල් පහසු කරයි... තවද බොහෝ දෙනෙකු තමන්ගේ backups තබාගැනීමට external hard disk බාවිතා කරයි.

මම ඒ සදහන් කලේ external hard disk වල බාවිතයන් ගැනයි....


  •  සාමාන්‍ය external hard disk එකක capacity එක 250GB සිට ඊට ඉහල අගයක් ගනී.. එසේම සාමාන්‍ය internal hard disk එකකට සාපේක්ෂව මේවායේ මිල ගණන් තරමක් ඉහල අගයක් ගනී.....
  • වර්තමානයේ බොහෝ පරිගණක වල මෙන්ම external hard disk වලට USB 3.0 තාක්ෂණය දැකගන්න පුළුවන්.... මෙම USB 3.0 තාක්ෂණයේදී USB 2.0 තාක්ෂණයට වඩා දස ගුණයකින් දත්ත හුවමාරු වේගයක් බලාපොරොත්තු විය හැකිය... එම නිසා USB 3.0 external hard disk එකක් මිලට ගැනීම නුවනට හුරුය... නමුත් මෙයින් ගැටළු පැනනගින්නේ USB 2.0 port ඇති පරිගණකයකට මෙය සම්බන්ධ කරන්න ගිය විටය...
  • තවද hard drive එකේ බාවිතා වෙන තාක්ෂණය සොයා බැලීම වැදගත්ය... දැනට තිබෙන නවීනම තාක්ෂනය නම් SSD(Solid Slate Disk) තාක්ෂණයයි. මෙහි සාමාන්‍ය hard disk වල මෙන් තැටි බාවිතා නොවෙයි ඒ වෙනුවට මෙහි ඇත්තේ chips ටිකක් පමණි... මෙහිදී වේගය අතින් ජය ලබන්නේ SSD තාක්ෂනයයි.... එසේම මේවාට සෙලවීම් කම්පන වැනි දේවල් වලින් වන හානිය අවමය..නමුත් මෙහි ඇති එකම අවාසිය නම් මිලෙන් අදික බවය.
  • External hard disk එකක් මිලදී ගැනීමේදී හොද Brand එකක් තියෙන hard drive එකක් මිලදී ගැනීමට උත්සුක වන්න.
  • උබ සාමාන්‍ය hard drive (Magnetic) එකක් මිලදී ගන්නේ නම් RAID තාක්ෂනය සහිත hard drive එකක් මිලදී ගැනීම වඩාත් යෝග්‍යය... මොකද ඒවායේ වේගය ඉහල බැවිනි..
  • උබ External hard drive එකක් මිලදී ගන්න සිටින කෙනෙක් හෝ මිලදී ගත කෙනෙක් නම් නිතරම එහා මෙහා hard එක ගෙනියනවනම් Travel Case එකක් තිබිම හොදය.. මොකද පලුදු වීම, කම්පන වැනි දේවල් අවම කරගත හැකි බැවිනි...
එහෙනම් අදට post එක ඉවරයි.. නැවත අලුත් post එකකින් හමු වෙමු...