Wednesday, December 2, 2015

Desktop එකට Laptop එකට android දාමු.


ඔව්.. අද කියන්න යන්නේ තමන් ගාව තියෙන ලැප්ටොප් එකට ඩෙස්ක්ටොප් එකට android os එක දාන විදිහ ගැන.. ඒ කිව්වේ අර Blue stack වගේ android' emulaters දාල කරන වැඩේ වගේනම් නෙමේ.. මේක අපි කරන්නේ XP , 7 දානවා වගේ Bios වලින් boot කරල තමයි වැඩේ කරන්න තියෙන්නේ.. ඉතින් මේක install කරන්න ඕනෙම නැහැ.. android අත්දැකීම විදින්න අර උබුන්ටු වල තියෙනවා වගේ live වැඩකරලා බලන්න පුළුවන් හැකියාවද මේකේ අන්තර්ගත වෙනවා.. හරි එහෙනම් අපි වැඩේට බහිමු..

1.ඉස්සෙල්ලම android 5.1 (Lolipop) version එක download කරගන්න.

2.Download කරගත්තට පස්සේ iso image එක CD එකකට හරි Pen Drive එකකට හරි දාගන්න.අපි මීට කලින් post එකක් ලිව්වා iso image එක CD එකකට දාන විදිහ ගැන post එකක් ලිව්වා එක බලන්න මෙතනින් යන්න.
  

3.ඊට පස්සේ පරිගණකයේ boot menu(Bios) එකට ගිහිල්ල CD එක හරි Pen එක හරි boot කරන්න.

4.ඊට පස්සේ එන menu එකෙන්  ඔයාලට පෙනෙයි,
    උඩින්ම - Live CD ( Run android without installation)
    පහළින්ම - Installation (Install android to hard disk)

5.*ඕකෙන් live cd select කරොත් අපේ තියෙන os එකට කිසිම අවුලක් නැතිව install නොකර android os එක run කරලා බලන්න පුළුවන්
    
    * Installation කියන එක select කරොත් වෙන්නේ අපේ hard එකට android os එක install කරන setup එකට යන එක.

මෙන්න බලන්න screenshot ටිකක්.





එහෙනම් අදට post එක ඉවරයි... ඔයාලත් android os එක දාල try කරලා බලන්න

Monday, November 30, 2015

Hotel Transylvania 2 ( රාක්ෂ යාලුවෝ 2 )


Tech ගැන ලියන අතරේ Movie එකක් ගැනත් ලියන්න හිතුන ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් එක පාරට movie එකක් ගැන ලියන්නේ යන්නේ මොකද කියල.. එකට ප්‍රදාන හේතුව තමා මම මේ movie එක එනකම් මම ගොඩක් බලන් හිටිය මොකද මම ආසම ආස movie එකක් හින්ද.. නමුත් ඒ දවස්වල හොද copy එකක් තිබ්බේ නැහැ.. ඊයේ baiscope එකේ දැකල තමයි අද download කරගෙන බැලුවේ.. :) Sony Pictures ල තමයි මේ movie එක හදල තියෙන්නේ.. මේ movie එක නමින් Hotel Transylvania 2 (රාක්ෂ යාලුවෝ 2 ) ... ඔය සිංහල නමනම් මම හිතල දැම්මේ :) . IMDB අගය 7/10 ලැබිල තියෙනවා.


ඉතින් මේකේ කතාව ගැන කියනවනම්..

                                                        මේකේ වැඩිපුර ඉන්නේ රාක්ෂයෝ මේ ගොල්ලෝ හරි සතුටින් ඉන්නේ ලස්සන හෝටලේක හෝටලේ නම තමයි ට්‍රාන්සිල්වෙනියා .... මේ ගොල්ලෝ මිනිස්සුන්ට බයයි.. මොකද මිනිස්සු නිසා මේ ගොල්ලොන්ට ගොඩක් අසාදාරන වෙලා තියෙන නිසා... මේ ගොල්ලෝ මෙහෙම ඉන්නකොට එක කොල්ලෙක් එනවා .. එයා නමින් ජොනි.. මෙයා මනුස්සයෙක්.. ඊට පස්සේ අපේ Transylvania හෝටලය හදපු ඩ්‍රැකියුලගේ දුවත් එක්ක මෙයා ආදරයෙන් බැදෙනවා. ඊට පස්සේ දෙන්න විවාහ වෙනවා .. ඊට පස්සේ ඔවුන්ට හුරතල් පුතෙක් ලැබෙනවා... එත් එක්කම අපේ ඩ්‍රැකියුලට එන ප්‍රශ්නයක් තමා  මේ ලැබුන පුතා මනුස්සයෙක්ද නැත්නම් ඩ්‍රැකියුල වගේ කෙනෙක්ද කියන එක ගැන? ඒ කිව්වේ පියාබන්න , වවුලෙක් වෙන්න වගේ හැකියාවන් තියෙනවද කියල බලන එක... ඉතින් ඔන්න ඔහොම තමා කතාව යන්නේ... 


ඉතින් මම දීලනම් තියෙන්නේ torrent link එකක් ෆිල්ම් එක හොදයි කියල හිතෙන කට්ටිය download කරගෙන බලන්නකෝ.. එහෙනම් අපි ගියා..

Torrent download කරගන්න Utorrent, Bittorrent වැනි software බාවිතා කරන්න පුළුවන්

Hotel Transylvania 2 2015 720p HDRip - 733 MB

Hotel Transylvania 2 2015 1080p HDRip - 1.45 GB


ඔන්න අපෙන් AVG Pc Tuneup 2016 Serial එක්කම.


ඔව්.. අද post එක ලියන්න යන්නේ ලෝකෙම නම දිනාගෙන ඉන්න  Tuneup එකක් වන AVG Pc Tuneup එක ගැන... ඉතින් මේකේ අලුත්ම version එක වන AVG Pc Tuneup  2016  තමා අද ඔයාලට දෙන්නේ.. නව විශේෂාංග බොහොමයකින් සහ අලුත් පෙනුමකින් මෙය සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ computer එක වැඩ කරන්නේ slow නම් computer එකේ ගොඩක් අවුල් තියෙනවා කියල හිතෙනවනම් මේකෙන් try එකක් දාල බලන්න පුළුවන්..  එහෙනම් අදට post එක ඉවරයි .. මොකක් හරි අවුලක් තියෙනවනම් comment එකක් දාල යන්න...


Screenshot එකක්.


AVG Pc Tuneup (32 bit)

AVG Pc Tuneup (64 bit)

මෙතනින් Serial එක ගන්න.


Sunday, November 29, 2015

Microsoft office 2016 with Activater.


ඔව්.. අද දෙන්න යන්නේ හැමෝම අදුනන software එකක්.. මොකද Microsoft office කිව්වම නොදන්නා කවුරුත් නැති නිසා... ඉතින් Microsoft office වල අලුත්ම එක වන 2016 version එක තමා අද අපි ඔයාලට දෙන්නේ... අලුත් themes සහ සිත් ඇද ගන්නා සුළු පෙනුමකින් මෙහි නිමාව සැකසිලා තියෙනවා..ඉතින් ඔයාලත් පහලින් Download කරගෙන බලන්නකෝ... මොකක් හරි අවුලක් තියෙනවනම් comment එකක් මගින් අපිව දැනුවත් කරන්න....

MS Pro Plus (32 bit)

MS Pro Plus (64 bit)

Activater

Extract Password එක.







Pen bootable කරන Rufus.


ඔව්.. අද කියන්න යන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන software එකක් ගැන මේක නමින් Rufus.. මේකෙන් කරන්න පුළුවන් දේ තමයි අපි ගාව pen එකක් තියෙනවනම් එක bootable කරල Windows 7,Windows 10 වගේ os pen එකක් මාර්ගයෙන් install කරගැනීමේ හැකියාව .. ඒ වගේම CD/DVD වගේ නෙමේ pen drive එකකින් ඕන වැඩක් කරද්දී හොද speed එකකින් වැඩ කරනවනේ... ඒ වගේම pen එකක් මගින් os එකක් දාද්දීත් අපේ කාලෙත් ඉතිරි කරගන්න පුළුවන්..

ගොඩක් අය දැන් හිතනවා ඇති මේකේ ඇති වැඩේ මොකක්ද කියල .. ඔයාල දන්නවා ඇති CD එකක් write කරල windows දානව වගේ එක පාරට pen වලින් windows දන්නා බැහැ... අන්න ඒ විදිහට හදාගන්න තමා මේ software එක අපිට ඕනේ වෙන්නේ...



එහෙනම් අදට post එක ඉවරයි.. තවත් post එකකින් ඉක්මනට හමුවෙමු.

Saturday, November 28, 2015

Ram එකේ ලෙඩ හොයන්න මෙන්න නියම software එක.


ඔව්... අද කියන්න හැදුවේ ගොඩක් කට්ටියට වැදගත් වෙන software එකක් ගැන.. නමින් මේක Memtest86. ගොඩක් අය අහලත් ඇති . මේක ගැන කියනවනම් මේ software එක හදල තියෙන්නේ Ram වල පවතින අවුල් දැනගන්න.. ඔයාගෙත් computer එකේ Ram එක අවුල් වගේනම්, Ram එකේ අවුලක් තියෙනවා කියල  සැකයක් තියෙනවා නම් තාමත් check කරගන්න බැරිඋනානම් මෙන්න එකට හොදම විසදුම... ඉතින් මේක අපි වෙනද කරනවා වගේ.. double click කරලා install කරලා run කරල බලන්න පුළුවන් software එකක් නම් නෙමේ.. මේක අපිට ලැබෙන්නේ iso file එකක් විදිහට .. iso file එක අපි pen එකකට හරි,CD එකකට හරි write කරගෙන පරිගණකයේ Bios වලින් boot කරලා තම මේක run කරන්න ඕනේ.. ඊට පස්සේ Ram එකේ test එක කරගන්න පුළුවන්... එහෙනම් අදට post එක ඉවරයි .. අපි ගියා

Extract Password එක.


Tuesday, November 24, 2015

කැමරාවේ බැටරි ආයුකාලය වැඩි කරගන්නා හැටි.


ඔව් අද කතා කරන්න කියල හිතුවේ camera සම්බන්දව ඒ ගොඩ දෙනෙක් මුහුණ දෙන පොදු ගැටලුවක්... එහෙම කිව්වහම ගොඩක් අයට තේරුම් යන්න ඇති.. ඔව් අද අපි ඇත්තටම කතා කරන්නේ camera එකේ battery එක ගැන.. ඒ කිව්වේ battery එක හැදිලා තියෙන විදිහනම් නෙමේ.. battery එක දිගු කාලයක් පාවිච්චි කරන එක ගැන.. එහනම් අපි වැඩේට බහිමු..

1.camera එකේ තියෙන LCD screen එක off කරල දාන්න.

 මේකනම් ගොඩක් අදාළ වෙන්නේ DSLR/SLR camera(DSLR/SLR දන්නේ නැත්නම් google search පාරක් දාල බලන්න) වලට මොකද එවලට optical viewfinder එකක් සහ LCD screen එකක් හම්බ වෙන නිසා.. lcd scrren එක off කරලා view finder එකෙන් විතරක් බලල photo එකක් ගන්න හැකියාවක් තියෙනවා.. ඇත්තටම මේකෙන් ලොකු විදුලි බලයක් ඉතිරි කරගැනීමේ හැකියාව තියෙනවා... නමුත් මේක ගොඩක් අයට නුපුරුදු දෙයක් වෙන්න පුළුවන්.. එකට ඉතින් අමාරුවෙන් හරි හුරු වෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..

2.LCD screen එක බාවිතයේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට Brightness එක පවත්වාගන්න.

3.Auto power off.

අලුතෙන් එන බොහෝ කැමරාවල මේ option එක එනවා.. අපිට කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය ගානට වෙලා තියෙන එක විතරයි.. අපි camera එකේ වැඩ කරන්නේ නැත්නම් මේකෙන් auto camera එක off වෙනවා.. මමනම් හිතන විදිහට විනාඩි තුනක් වගේ කාලක් මේකට ප්‍රමාණවත්.(Compact digital camera පාවිච්චි කරන අයටනම් මේක කරදරක් වෙන්න පුළුවන් මොකද විනාඩි තුනකට power off වෙන්න දුන්නොත් ලෙන්ස් එක හැමතිස්සෙම ඇතුලට යන හින්ද.. එක හින්ද අපේ battery එකේ විදුලිය ඉක්මනට බහින්න පුළුවන්)

4.Auto display off.

මේ දේනම් අපිට ගොඩක් වටිනවා මොකද වැඩි විදුලි බලයක් ගන්න display එක අපි වැඩක් කරන්නේ නැති වෙලාවට off වෙන නිසා..

5.Zoom කරන එක ගොඩක් අඩු කරන්න.

මේකෙදි Digital camera වල ලෙන්ස් එක ඉස්සරහට පස්සට කරන්න motor එකක් වැඩ කරන්න ඕනේ නිසා ලොකු බලයක් වය වෙනවා.. මම දැකල තියෙන විදිහට Dslr camera වලනම් Zoom,Focus වගේ දේවල් camera එක මගින් කරන්න හැකියාව තිබුනත්.. Zoom,Focus වගේ දේවල් manual අපේ අතින් කරන්න හැකියාවත් තියෙනවා..  මම Dslr camera එකක් වැඩිය පාචිච්චි කරලා නැති නිසා මේක හරියටම කියන්න බැහැ.

කෙසේ වෙතත් Digital camera වලට වඩා වැඩි බැටරි කාලයක් Dslr camera වලටනම් තියෙනවා.

6.Flash එක අවශ්‍ය වෙලාවට පමණක් පාවිච්චි කරන්න.

flash එකනම් ගොඩක් වටින දෙයක්නේ අදුරු තැන් වලදී.. නමුත් අචශ්‍ය නැති වෙලාවට flash එක පාවිච්චි කරන එකනම් ලොකු බැටරි බල නාස්තියක්.. එක නිසා පුළුවන් හැම වෙලාවකම flash එක off කරලා camera එක use කරන්න.

7.ගත්ත ෆොටෝ හොදද කියල camera එකෙන් බලන්න යන්න එපා

මේක තමා ගොඩක් අය කරන වැරැද්ද.. ගොඩක් කට්ටිය ගත්ත ෆොටෝ ටික බලන්නත් camera එක පාවිච්චි කරනවා.. මේකෙන් ඇත්තටම වෙන්නේ තව ෆොටෝ ටිකක් ගන්න තිබ්බ අවස්තාව නැති වෙලා යන එක.. ගත්ත ෆොටෝ ටික පස්සේ බලන්න තියාගන්න ... හොද ෆොටෝ ටිකක් ගන්න මුල් තැන දෙන්න..

8.හැමතිස්සෙම camera එකේ battery charge කරලා තියාගන්න වග බලාගන්න.

මේක ඇත්තටම වැදගත් වෙන්නේ හදිසි අවස්ථාවකදී මොකද සොදුරු අවස්තාවකදී හෝ හදිසි ගමනක් වැටුණු වෙලාවක camera battery charge කර කර ඉන්න වෙලාවක් නැති නිසා සහ charge වීමට සැලකිය යුතු වෙලාවක් ගන්න නිසා..

ඔන්න මම දන්නා කරුණු ටිකක් ඔයාලත් එක්ක බෙදාගත්තා .. එහෙනම් අදට post එක ඉවරයි .. හැමෝටම සුබ දවසක්.. පුලුවන්නම් comment එකක් දාල අපිව දිරිමත් කරන්න.

Friday, November 20, 2015

Samsung phone වලට custom rom ගහමු.


ඔව්.. අද ඉතින් කතා කරන්න යන්නේ .. smart phone පාවිච්චි කරන අය අතරේ ජනප්‍රිය මාතෘකාවක්.. මොකද ගොඩක් අයට official updates ලැබෙන්නේ නැති නිසා ගොඩක් අය පෙලබෙනවා මේ custom rom දාගන්න.. ඒවගේම phone එක අලුතෙන් ගද්දිම එන stock rom එක මෙලෝ රහක් නැති යටත් මේක අදාලයි...

ඇත්තටම rom ගහන එක ගැන මට වැඩි දැනුමක් නම් තිබ්බේ නැහැ.. නමුත් දවස් කිහිපයකට phone (Samsung Galaxy Fame-GT6810P)  එකක් හම්බ උන නිසා ... එකත් එක්ක ඔට්ටු වෙලා තමයි මේ දේවල් ගැන දැනගන්න ලැබුනේ.. කෙසේවෙතත් මේකට මම rom දහයකට වඩා දාල බැලුව.. කිසිම අවුලක් නැතිව පාවිච්චි කරලා බැලුව.

Custom rom කියන්නේ,
                                    custom rom කියන්නේ මොනවාද කියල කිව්වොත්.. android os එක open source os එකක් නිසා ඔන්න කෙනෙක්ට තමන්ට කැමති විදිහට coding කරල custom rom එකක් හදාගන පුළුවන්..
ඒ වගේ ජනප්‍රිය custom rom එකක් තමා Cyanogenmod කියන්නේ...

ඔබගේ අත්වැරදීමෙන් සිදුවන දේවල් වලට මම වග කියන්නේ නැහැ.

උඩ කියල තියෙන එක ගැන කිව්වොත් මේක කරන එකෙන් අපේ phone එක brick(ගඩොලක්) වීමේ හැකියාවක් තියෙනවා.. ඒ වගේම ඔයාගේ warrenty එකද නැති වෙනවා. (brick වෙනවා කියන්නේ phone එක on වෙන ලෝගෝ එකෙන් නැවතිලා තියෙන එකනම් නෙමේ.. brick වෙනවා කියන්නේ phone එක on කරගන්නම බැරි තත්වෙට පත්වෙන එක.. හැබැයි මේකෙන් ගොඩ යන්න පුළුවන් අවස්ථාද තියෙනවා..

මේක කරන්න කලින් phone එක 70% වත් charge කරලා ඉන්න... හොදට charge කරපු ලැප්ටොප් එකක් මේ වැඩේට පාචිච්චි කරන්න පුලුවන්නම් තවත් හොදයි..

1.ඉස්සෙල්ලම අපි phone එක root කරලා තියෙන්න ඕනේ.. අපි root කරන හැටිත් ලිපියක් ලිව්වා එක බැලුවේ නැත්නම් පහලින් බලන්න

2.Odin software එක download කරගන්න.
මේක අපිට ඕනේ වෙනවා cwm recovery එක flash කරන්න... 

3.දැන් අපි හොයාගන්න ඕනේ cwm recovery එකක්... එක අපිට හොයාගන්න වෙන්නේ google එකේ search එකක් දාල.... (Eg: cwm recovery for samsung galaxy fame - GT6810P)

මේ තියෙන්නේ samsung galaxy fame - GT6810P එකට මම යොදාගත්තා cwm recovery එක.


අපි download කරගත්ත cwm එක zip file එකක් නම් extract කරන්න යන්න එපා.

4.ඔයාගේ phone එකට අදාළ drivers download කරලා තියාගන්න නැත්නම් odin එකෙන් detect කරන එකක් නැහැ.

4.odin open කරල තියාගන්න..

5.phone එක off කරල phone එක download mode එකට ගන්න ( Power button+Home button+Volume Down Button) ඊට පස්සේ continue කරන්න Volume up button එක ඔබන්න.

6.odin එකෙන් detect කරානම් පහල තියෙන කොළපාටින් ලකුණු කරලා තියෙන තැන පෙන්නන්න ඕනේ..
ඒ වගේම ඔය රතු පාටින් ලකුණු කරලා තියෙන ticks ටික දාන්න අමතක කරන්න එපා..

7.දැන් odin වල pda කියන තැනට අර download කරගත්තු cwm recovery zip file එක දෙන්නකෝ..ඊට පස්සේ Start දෙන්න.. ටික වෙලාවක් ගියාට පස්සේ pass කියල වැටුනොත් ගොඩ..

8.ඔන්න දැන් cwm එකත් flash කරා... දැන් කරන්න තියෙන්නේ rom එකේ වැඩේ...
ඉස්සෙල්ලම තමන්ගේ phone එකට හරි යන rom එකක් හොයාගන්න... ගොඩක් rom xda එකේ තියෙනවා..
google search එක්ක දාලත් පහසුවෙන් හොයාගන්න පුළුවන්... (Best roms for samsung galaxy fame GT-6810P)
මෙන්න මම  samsung galaxy fame GT-6810P එකට පාචිච්චි කරපු kitkat rom එක.
xda developers site එකට,




9.දැන් ඔය download කරගත්තු rom එක zip file එකක් වෙන්න ඕනේ.. නැත්නම් බැහැ... rom එක phone එකේ sd card එකට දාගන්නකෝ... 

10.දැන් අයෙත් phone එකේ recovery mode එකට යන්න (Power button+Home Button+Volume up)
ගිහිල්ල ඉස්සෙල්ලම Backup and Restore එකට ගිහිල්ල backup එකක් ගන්න.. මොකද අවුලක් උනොත් backup එක තියෙන නිසා....

11. * දැන් Wipe data/Factory reset කරන්න..
      * wipe cache partition එකත් කරන්න.
      * wipe dalvik cache එකත් කරන්න.
      * install zip from sd card ගිහිල්ල තමන් download කරගත්තු rom එක install කරන්න.. එකට ටික    වෙලාවක් ගනී.. ඊට පස්සේ install from sd card complete කියල වැටෙයි... එහෙම උනේ නැත්නම් බය වෙන්න එපා.. අපේ backup එක පාවිච්චි කරන්න..
     * අන්තිමට reboot system now දෙන්න...

12.දැන් අපි rom එක install කරලා ඉවරයි... ඊට පස්සේ සැලකිය යුතු වෙලාවක් ගන්නවා boot වෙන්න(විනාඩි 10 ක් වගේ).. බැරිවෙලාවත් boot loop වෙනවනම්(ලෝගෝ එකෙන් පස්සේ යන්නේ නැත්නම්)..  නැවත recovery mode එකට ගිහිල්ල Wipe data/Factory Reset දෙන්න

ආසාවට වගේ වෙනත් phone model වල rom එහෙම ගහන්න එපා.. phone එක brick වෙයි

එහෙනම් අදට post එක ඉවරයි... ඔයාට මේ සම්බන්දව ගැටළු තියෙනවනම් comment section එක බාවිතා කරන්න... එහෙනම් අපි ගියා..

                                          
   මම ගහපු rom එකේ පින්තුර ටිකක්.

















Ashampoo Burning Studio 2016 with serial.



ඔව්.. අද ඉතින් දෙන්න යන්නේ මම හිතන විදිහට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන CD/DVD burn කරන්න යොදාගන්නා ඉතා ජනප්‍රිය software එකක් මොකද Ashampoo Burning Studio කිව්වහම නොදන්නා කවුරුවත් නැති තරම්.. ඔන්න ඉහතින් ashampoo ල විසින් තමන්ගේ අලුත්ම Burning Studio version වන 2016 version එක එළිදක්වල තියෙනවා... ඒ අලුත් Bruning Studio 2016 අපි ඔයගොල්ලන්ට Serial එකත් එක්කම ලබා දෙනවා.. එහෙනම් පහලින් download කරගන්න..

ඉස්සෙල්ලම Burning Studio 2016 official site එකෙන් download කරගෙන ඉන්න.
මෙන්න Serial එක.




නිවැරදිව Paypal ගිණුමක් හදා ගමු.



ඔව්.. අද කතා කරන්න හිතුවේ ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ paypal account හදාගන්න ඕනේ පිළිවෙලයි... මේක ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙලා තියෙන්නේ.. අපේ රටට මේ paypal දෙන්නේ නැති නිසා.. ඒ කිව්වේ අපි sri lanka කියල country එක දාල paypal account එකක් හැදුවොත් අපි ගෙවීම් කරන්න විතරයි හැකියාව ලැබෙන්නේ... එක හින්ද ගොඩක් අය කරන්නේ malaysia හෝ singapore යන රටවල් දෙකෙන් එකක් දාල paypal account එකක් open කරන එක (මොකද ගොඩක් අය PTC sites වගේ දෙවල් වලින් සල්ලි ගෙන්න ගන්න නිසා) .. හැබැයි ඔතනදි වෙන ප්‍රශ්නේ තමා තමන්ගේ card එක paypal වලින් block කරා කියල හිතන්න.. එතකොට ඒ block වෙච්ච card එක ගොඩ දන්නා ඕනෙනම් අපිට අපේ identy card,ගෙදරට ලැබෙන බිල් වගේ දෙයක් paypal එකට යවන්න වෙනවා.. ඉතින් ඔය වෙලාවට malaysia හරි singapore කියල account එකක් හදපු කෙනෙක් හරි අමාරුවක වැටෙනවා... නැත්නම් අපි ebay එකෙන් බඩු ගන්න paypal පාවිච්චි කරනවා කියල හිටන්න සමහර sellers ල බඩු එවන්නේ paypal address එකට එතකොට අන්තිමට බඩුත් නැහැ.. ඔන්න ඔය වගේ වැඩ වෙන්නත් අවස්තාව තියෙනවා... ඔය මම කිව්වේ අමතර කරුණක් ..

මම මේ පහලින් දාල තියෙනවා vishara.blogspot විසින් කරලා තියෙන video එකක් paypal account එකක් හදාගන්න එක සම්බන්දව.. ඉතින් මම හිතනවා එකෙන් හොද අවබෝදයක් ගන්න පුළුවන් වෙයි කියල මේ දේ සම්බන්දව ..


Paypal වල register වෙන්න,






Thursday, November 19, 2015

Url short කරලා සල්ලි හොයන්න පුළුවන් හොදම sites 5ක්.


ඔව්.. අද ඉතින් කියන්න යන්නේ සල්ලි හොයන වැඩක් ... එහෙම කිව්වම ඉතින් කවුරුත් උනන්දුයිනේ ... අද කාලේ website එකක් කරගෙන යන blog එකක් ලියන කෙනෙක් නැති තරම්.. :) කොහොම කොහොම හරි කවුරුත් ආසයි තමන් මේ විනෝදෙට කරගෙන යන site එකෙන් කීයක් හරි හොයාගන්න පුලුවන්නම්.. මෙහෙම කිව්වහම website එකක් නැති කෙනෙක් දුක් වෙන්න ඕනේ නැහැ මොකද ඔය හොද post එකක් දෙකක් facebook,twitter වගේ social sites වල share කරල ඔයාටත් සල්ලි හොයන්න අවස්තාවක් නැතුවා නොවේ.. ඉතින් ඒ වගේ සල්ලි හොයන්න පුළුවන් url short කරල සල්ලි හොයන්න පුළුවන් websites ටිකක් ගැන දැනුවත් කරන්නයි අද මේ යන්නේ ,

ඇත්තටම මේ දේ ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවනම්,
අපි ගාව තියෙනවා කියල හිතන්න හොද post එකක් එකේ link එක මේ url short කරන website එකකට දාල url එක short කරන්න පුළුවන්.. ඊට පස්සේ එක අපි facebook,twitter වගේ sites වල share කෙරුවාම ඒ share කරපු link එක හරහා යද්දී ඒ කෙනා තත්පර 5ක් වගේ කාලයක් බලා ඉදල skip ad කියල දකුණේ පැත්තේ උඩ තියෙන button එක click කරලා තමා අර link එකට යන්න ඕනේ... ඊට පස්සේ එයා ඒ ad එක බැලුවට අපිට යම්කිසි මුදලක් අර url short කරගත්ත website එකක් අපිට ගෙවනවා.. එහෙනම් හරි එක ගැනත් කිව්වා..

ඔය පහලින් දාල තියෙන sites මගේ කැමැත්ත අනුව තෝරගත්ත එව්ව.. තව මේ වගේ sites ගොඩක් තියෙනවා. 

1.Shorte. st

*Minimum payout - $5 (Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය - $1.16(for 1000 views)





*Minimum payout- $5 (Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය-$0.88(for 1000 views)





*Minimim payout- $5(Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය- $0.67-0.52 (for 1000 views)





*Minimum payout- $5(Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය හරියටම කියල නැහැ(All other country) - $1.5 (for 1000 views)




*Minimum payout- $5(Paypal)
*අපේ රටට ගෙවන ප්‍රමාණය - $0.70 ( for 1000 views)







Saturday, November 14, 2015

පහසුවෙන් ෆොටෝ edit කරගන්න පුළුවන් PIXLR.


ඔව්... ලොකු කාලයකට පස්සේ බ්ලොග් එක ලියන්න හිතුන.. අද කතා කරන්න හිතුවේ  යම් කිසි ෆොටෝ එකක් ඉතා ඉක්මනින් ලස්සනට edit කරගන්න පුළුවන් online service එකක් ගැන.... ඉතින් මේක ගැන කිව්වොත් මේකේ නම තමා Pixlr ගොඩක් කට්ටිය අහල තියෙන්නත් පුළුවන් අහල නොතිබෙන්නත් පුළුවන්..
ඇත්තටම අද කාලේ ෆොටෝෂොප් වලින් හොදට ෆොටෝ එකක් edit කරල හදනවනම් හොද කට්ටක් කන්න ඕනේ බව ෆොටෝෂොප් පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇති. නමුත් හොද නිර්මාණ කරුවෙකුට මේක ගැටලුවක් නෙමේ..  ඉතින් ෆොටෝෂොප් ගැන වැඩිය දන්නේ නැති කෙනෙක්ට මේ වගේ වෙනත් සේවාවන් බාවිතා කරන්න පුළුවන්..  ඉතින් මේ editor එකෙන් හරි අපුරුවට effects,text,stickers,overlay වගේ දේවල් බාවිතා කරලා ලස්සන edit එකක් කරන්න පුළුවන්...

මේක ගැන තව දෙයක් කියනවනම් හිතන්න අපි ලග ෆොටෝෂොප් නැහැ නමුත් හදිස්සියක් අන්න ඒ වගේ අවස්තාවකටත් මේකෙන් ඉඩ දීල තියෙනවා layers,transform වැනි දේවල් එක්ක වැඩ කරන්න..  ඒ වගේම නිතරම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බැරි කෙනෙක්ට මේක software එකක් විදිහට download කරගෙන පාවිච්චි කරන්නත් මේකෙන් ඉඩ සලසල දීල තියෙනවා...

මම හිතන්නේ කතාවත් දිග වැඩි උනා හරි කමක් නැහැ... ඔය ගොල්ලෝ පාවිච්චි කරලා බලල හොද නරක කියන්න..
PIXLR Express mode එක


PIXLR Editor mode එක


PIXLR online editor එකට.



PIXLR එක download කරගන්න


 අපිට දිරිගැන්වීමක් වශයෙන් comment එකක් දාල යන්න.. ස්තුතියි