Sunday, March 19, 2017

මගේ Digital Storage එක.... (NAS-Network Attached Storage)


ඔන්න ඉතින් මාස දෙකකට පස්සේ තවත් අලුත් පොස්ට් එකක් ලියන්න හිතුනා .. මේක තම මම 2017 ලියන අලුත්ම පොස්ට් එක... ඉතින් අද කතා කරන්න හැදුවේ ඉස්සෙල්ල පොස්ට් එකේ වගේම Network  සම්බන්ද දෙයක් ... මගේ පරණ පොස්ට් එක දැක්කේ නැත්නම් මෙන්න ලින්ක් එක ...  .  ඉතින් අද කතා කරන්න  යන්නේ මම කරපු පොඩි වැඩක් ගැන... ඇත්තටම මේක ගැන කිව්වොත් මේක network storage එකක් ... මේක අපිට remotely access කරලා file  download කරන්න upload කරන්න වගේ දේවල් කරන්න පුළුවන් ...ඒ වගේම තවත් දේවල් ගොඩක් කරන්න පුළුවන්

ඉතින් මෙහෙම එකක් හදන්න ඇත්තටම මට උවමනා උනේ .. අපේ ගෙදර තියෙන්නෙත් ටැබ් එකක් එකේ storage 16GB මේකේ os එක දුවන්නම 8GB විතර ගන්න නිසා මාර ඉක්මනට මේකේ storage එක full වෙනවා . මේ නිසා මම හිතුව Portable hard එකක් වත් ගන්න කියල නමුත් ඒවගේ price එක දැක්කම හිතුන portable hard ඕනේ නැහැ කියල ... ඕක ගැන හිත හිත ඉද්දි තම මට මේ NAS (Network Attached Storage ) එකක් ගැන මතක් උනේ .. මේක මම ඉස්සෙල්ලම දැක්කේ කාලිංග අයියගේ blog  එකේ ... ඉතින් මම කොහොම හරි හැදුව ...


මම මේක සදහා යොදාගත්තේ මගේ පරණ computer එක .. නමුත් එකේ ඒ වෙද්දීත් Motherboard එක ගිහින් තිබ්බේ .. එක හින්ද අලුත් motherboard එකක් දාල මම මගේ  වැඩට බැස්ස ... මම  මේක සදහා යොදාගත්තේ FreeNas   කියන os එක මේක open source එකක් ..එක නිසා කිසිම අවුලක් නැතිව download කරගන්න පුළුවන් ... මම පහලින් දැන්නම් ලින්ක්  එක ...
            www.freenas.org

මෙන්න අලුතෙන් දැම්ම Motherboard එක.



මම අලුතෙන් ගත්ත Network Card එක ..



මගේ computer එකේ specs ...

Processor  : Intel Core 2 Duo
Ram            : 2GB DDR 2
Hard Drive : Samsung 120GB (SATA ) IDE උනත් අවුලක් නැහැ ...

 මේකේ හොදට os එක දුවනවා කිසිම අවුලක් නැතිව .... P4 machine එකක උනත් අවුලක් වෙන එකක් නැහැ ...

ඇත්තටම මගේ ලැප්ටොප් එකත් කැඩිලා හින්ද තමා මම මේක හදාගත්තේ .. මම එකේ 500GB hard එකත් මේකට ගහන්න කියල තමයි  හිතන්  ඉන්නේ කොහොම උනත් 120GB Hard එකත්  හොදටම ප්‍රමාණවත් Normal user කෙනෙක්ට .....

මගේ Samsung hard එකට අමතරව මම 20GB hard එකක් පාවිච්චි කරා Freenas install කරන්න මොකද  windows install කරනවා  වගේ එක hard එකකට විතරක් තියාගෙන මේක කරන්න බැහැ ... ඔයාලට  කැමතිනම් Pen Drive එකකට උනත් freenas install කරන්න පුළුවන් ... මොකද දැන් කාලේ 20GB hard drivers ගන්න නැති නිසා ...

ඉතින් මේක   හැදුවට පස්සේ ඔයහොල්ලන්ට එන ගැටලුව වෙන්නේ කොහොමද මේකේ තියෙන files access කරන්නේ කියන එක ... ඉතින් මේක local network එකක දුවන නිසා ඔයගොල්ලන්ට Wifi Router එකක් ඕන වෙනවා මොකද NAS එකයි අනිත් Devices (Laptop ,Smart Phones ) වගේ දේවල් connect කරගන්න ... ඔයාගේ ගෙදර තියෙන්නේ NAS එකයි තව ඩෙස්ක්ටොප් PC එකක් විතරයි නම් Network Hub එකක් හෝ Switch එකක් පාවිච්චි කරාට කමක් නැහැ ...

ඊට පස්සේ කරන්න තියෙන්නේ Network Interface එක configure කරගන්න එක .. එක කරන්න තියෙන්නේ NAS එකෙන් ....

ඔය 1) කියල තියෙන එකෙන් තමා අපේ NAS එකේ IP එක හදාගන්න ඕනේ ... 1) select කරලා ඉස්සරහට යද්දී  Configure IPv4 කියල එකක් හම්බ වෙයි එකට ඔය කැමති IP එකක් දෙන්න  (192.168.1.5 වගේ  ) ... එතැනදී ඔය දුන්න IP එකෙන් තමා ඔයාට Browser එකෙන්  Log වෙන්න පුළුවන් වෙන්නේ ... 

ඔය වැඩ ටික ඉවර උනාට පස්සේ අපේ වැඩේ ගොඩක් දුරට සම්පුර්ණයි ... දැන් කරන්න තියෙන්නේ ඔයා  NAS එක සම්බන්ද කරලා තියෙන network එකටම ඔයාගේ Desktop එක හරි Laptop  එක හෝ Mobile Phone එක Wifi හරහා හරි Ethernet Port එක හරහා හරි සම්බන්ද කරලා NAS එකට log වෙන එක ....

පලවෙනි වතාවට ලොග් වෙද්දී නම් username ,password අහනවා අඩුයි ... මගෙන්නම් ඇහුවේ නැහැ 

ඔයා NAS එක log උනාට පස්සේ ඔය  පහල  විදිහට  admin password එක වෙනස් කරන්න ...



 ඊට පස්සේ ඔයාට ඕනෙනම් තවත් users මේකට කැමති ගානක් එකතුකරගන්න පුළුවන්  ....





      ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ hard එක format කරලා අලුත් volume එකක් හදාගන්න එක .


 එකට වම් පැත්තේ Volumes කියන tab එකේ ( + ) button එක ඔබන්න ඊට පස්සේ Create Volume කියන එක select කරන්න . ඊට පස්සේ Volume name එකට කැමති නමක් දෙන්න ඊට පස්සේ Filesystem type කියන එකට ZFS දෙන්න > Member Disks කියන එකෙන් තමන්ගේ Hard Drivers ටික select කරලා Add Volume දෙන්න .. 



එකෙන් පස්සේ කරන්න තියෙන්නේ අපිට අපේ NAS එකේ තියෙන file access කරන්න පුළුවන් විදිහට FTP enable කරන එක ...



එකට අපිට කරන්න තියෙන්නේ ඔය උඩ තියෙන Option Bar එකෙන් Services කියන එක තෝරන එක .. ඊට පස්සෙ FTP එක ඉස්සරහ තියෙන off button එක  click කරන්න ඊට පස්සේ එක on වෙයි ...දැන් ON button එක එහාපැත්තෙ තියෙන settings button එක ඔබල තමන්ට කැමති විදිහට එක config කරගන්න 


ඊට පස්සේ අපේ වැඩේ ගොඩක් දුරට හරි ...දැන් ඉතින් කරන්න තියෙන්නේ NAS එකට file ටිකක් upload කරලා බලන එක තමා ...මේකට windows වලදී නම් අපිට FileZilla use කරන්න පුළුවන් ...Android වලදී නම් AndFTP කියන app එක use කරන්න පුළුවන් .... 

IOS වලනම් තාම check කරන්න බැරි උනා....  කොහොම හරි files ටික NAS එකට upload කරාට පස්සේ Windows වලනම් Filezilla එකෙන්ම NAS එකේ තියෙන files ටික access කරන්න පුළුවන් ...Android වලදිනම්   ES File Explorer කියන file manager එක හරි වෙන file manager එකක් හරි use කරලා NAS එකේ තියෙන files access කරන්න පුළුවන් ...

මීට පස්සේ NAS එක තියෙන හින්ද Storage ගැන වද වෙන්න ඕනේ නැහැ ... ඔයාට ඕනෙනම් තමන්ගේ Computer එකේ හරි Mobile Phone එකේ හරි files කෙලින්ම NAS එකට Backup වෙන්න හදන්නත් පුළුවන් ....
ඔයාලත් කැමතිනම්  මේ වගේ NAS එකක් හදාගන්න පුළුවන්.. මොනවා හරි ගැටලුවක් තියෙනවනම් comment එකක් දාල අහන්න .. අදට එහෙනම් post එක ඉවරයි තවත් post එකකින් හමුවෙමු ....







Saturday, December 24, 2016

LAN Party 2016 (Multiplayer Games අත්දැකීම)


O/L වලින් පස්සේ ලියන පලවෙනි පොස්ට් එක තමා මේක ... ඇත්තම කිව්වොත් අවුරුද්දකට  වගේ ආසන්න කාලයට පස්සේ තමා මේ පොස්ට් එක ලියන්නේ...

අද ඉතින් කියන්න යන්නේ අපි කරපු පොඩි සෙල්ලමක් ගැන.... මේකට මම නම දැම්මේ LAN Party  2016 කියල , මොකද අපි මේකේ කලේ Game සෙල්ලම් කරපු එක ඒ වගේම Game  ටික සෙල්ලම් කලේ Local Network  එකක නිසා .. කොහොම උනත් ලස්සනට වැඩේ ගියා ....

මගේ යාලුවෝ සෙට්එක ගොඩ කාලයක ඉදල කියන නිසා තමා මේක  මම organize කලේ ... මීට කලිනුත් මේ වගේ වැඩක් කරලා තිබුනත් එකේදී එක Game එකක් විතරක් සෙල්ලම් කෙරුව නිසා ලොකු experience  එකක් ගන්න බැරි උනා ... කොහොම උනත් එක නිසා Network  එකක් Build  Up කරන හැටි ගැන ගොඩක් දේවල් මම ඉගෙනගත්තා ..

අපේ තිබ්බ PC  වල  ලොකු specs  තිබ්බේ නැති නිසා අපිට ගොඩක් ලොකු Games  සෙල්ලම් කරන්න බැරි උනත් ලොකු අත්දැකීමක් වගේම ගොඩක් විනෝද වෙන්නත් පුළුවන් උනා .... අපි මේ වැඩේට PC  6 ක්  පාවිච්චි කළා ..මම PC ටික එකට connect  කරන්න Routers 2ක්  පාවිච්චි කරා ... මොකද එක Router  එකක තියෙන්නේ port  4ක්  නිසා ...


අපි සෙල්ලම් කරපු Games  ටික ;

1. COD 4 : Modern Warfare Multiplayer
2. San Andreas Multiplayer
3. Counter Strike Multiplayer
4. Most Wanted Multiplayer


ඇත්තටම දවසක් මදි මේවා සෙල්ලම් කරනවානම් ... :)

දැන් ඉතින් ඉස්සර අපි කරපු සෙල්ලම් නැති නිසා යාලුවෝ එකතු වෙලා ලොකු සතුටක් ලබන්න පුලුවන්  නියම ක්‍රමයක් තමා මේක .. එක නිසා ඔයගොල්ලොත් try කරලා බලන්න මේ වගේ දෙයක් කරන්න ..

මේක  ගැන තව මොනව  හරි දැනගන්න ඕනෙනම් comment  දාන්න .... එහෙනම් අදට මම යනවා ..


පහලින් අපේ  Photo ටිකත් බලල යන්න .
















Saturday, January 30, 2016

External Hard Disk එකක් ගද්දි සැලකිලිමත් වියයුතු කරුණු.


ඔව්.. ලොකු කාලයකට පස්සේ ඔන්න post එකක් ලියන්න හිතුන ... ඉතින් අද කියන්න යන්නේ  External hard disk එකක් ගද්දි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කිහිපයක් ගැන...

සාමාන්‍යයෙන් කෙනෙකුට external hard disk එකක් අවශ්‍ය වෙන්නේ.... ඔහු නිතරම විශාල දත්ත ප්‍රමාණයක් එහා මෙහා ගෙන යනවනම් හෝ තමන්ගේ internal hard disk එකේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම යන කරුණු මතය..... එසේම pen drivers වලට වඩා හොද data transfer speed එකක් මේවා සතුවන නිසා computer එකකින් තවත් computer එකකට copy කිරීම් වැනි දේවල් පහසු කරයි... තවද බොහෝ දෙනෙකු තමන්ගේ backups තබාගැනීමට external hard disk බාවිතා කරයි.

මම ඒ සදහන් කලේ external hard disk වල බාවිතයන් ගැනයි....


  •  සාමාන්‍ය external hard disk එකක capacity එක 250GB සිට ඊට ඉහල අගයක් ගනී.. එසේම සාමාන්‍ය internal hard disk එකකට සාපේක්ෂව මේවායේ මිල ගණන් තරමක් ඉහල අගයක් ගනී.....
  • වර්තමානයේ බොහෝ පරිගණක වල මෙන්ම external hard disk වලට USB 3.0 තාක්ෂණය දැකගන්න පුළුවන්.... මෙම USB 3.0 තාක්ෂණයේදී USB 2.0 තාක්ෂණයට වඩා දස ගුණයකින් දත්ත හුවමාරු වේගයක් බලාපොරොත්තු විය හැකිය... එම නිසා USB 3.0 external hard disk එකක් මිලට ගැනීම නුවනට හුරුය... නමුත් මෙයින් ගැටළු පැනනගින්නේ USB 2.0 port ඇති පරිගණකයකට මෙය සම්බන්ධ කරන්න ගිය විටය...
  • තවද hard drive එකේ බාවිතා වෙන තාක්ෂණය සොයා බැලීම වැදගත්ය... දැනට තිබෙන නවීනම තාක්ෂනය නම් SSD(Solid Slate Disk) තාක්ෂණයයි. මෙහි සාමාන්‍ය hard disk වල මෙන් තැටි බාවිතා නොවෙයි ඒ වෙනුවට මෙහි ඇත්තේ chips ටිකක් පමණි... මෙහිදී වේගය අතින් ජය ලබන්නේ SSD තාක්ෂනයයි.... එසේම මේවාට සෙලවීම් කම්පන වැනි දේවල් වලින් වන හානිය අවමය..නමුත් මෙහි ඇති එකම අවාසිය නම් මිලෙන් අදික බවය.
  • External hard disk එකක් මිලදී ගැනීමේදී හොද Brand එකක් තියෙන hard drive එකක් මිලදී ගැනීමට උත්සුක වන්න.
  • උබ සාමාන්‍ය hard drive (Magnetic) එකක් මිලදී ගන්නේ නම් RAID තාක්ෂනය සහිත hard drive එකක් මිලදී ගැනීම වඩාත් යෝග්‍යය... මොකද ඒවායේ වේගය ඉහල බැවිනි..
  • උබ External hard drive එකක් මිලදී ගන්න සිටින කෙනෙක් හෝ මිලදී ගත කෙනෙක් නම් නිතරම එහා මෙහා hard එක ගෙනියනවනම් Travel Case එකක් තිබිම හොදය.. මොකද පලුදු වීම, කම්පන වැනි දේවල් අවම කරගත හැකි බැවිනි...
එහෙනම් අදට post එක ඉවරයි.. නැවත අලුත් post එකකින් හමු වෙමු... 

 

Wednesday, December 2, 2015

Desktop එකට Laptop එකට android දාමු.


ඔව්.. අද කියන්න යන්නේ තමන් ගාව තියෙන ලැප්ටොප් එකට ඩෙස්ක්ටොප් එකට android os එක දාන විදිහ ගැන.. ඒ කිව්වේ අර Blue stack වගේ android' emulaters දාල කරන වැඩේ වගේනම් නෙමේ.. මේක අපි කරන්නේ XP , 7 දානවා වගේ Bios වලින් boot කරල තමයි වැඩේ කරන්න තියෙන්නේ.. ඉතින් මේක install කරන්න ඕනෙම නැහැ.. android අත්දැකීම විදින්න අර උබුන්ටු වල තියෙනවා වගේ live වැඩකරලා බලන්න පුළුවන් හැකියාවද මේකේ අන්තර්ගත වෙනවා.. හරි එහෙනම් අපි වැඩේට බහිමු..

1.ඉස්සෙල්ලම android 5.1 (Lolipop) version එක download කරගන්න.

2.Download කරගත්තට පස්සේ iso image එක CD එකකට හරි Pen Drive එකකට හරි දාගන්න.අපි මීට කලින් post එකක් ලිව්වා iso image එක CD එකකට දාන විදිහ ගැන post එකක් ලිව්වා එක බලන්න මෙතනින් යන්න.
  

3.ඊට පස්සේ පරිගණකයේ boot menu(Bios) එකට ගිහිල්ල CD එක හරි Pen එක හරි boot කරන්න.

4.ඊට පස්සේ එන menu එකෙන්  ඔයාලට පෙනෙයි,
    උඩින්ම - Live CD ( Run android without installation)
    පහළින්ම - Installation (Install android to hard disk)

5.*ඕකෙන් live cd select කරොත් අපේ තියෙන os එකට කිසිම අවුලක් නැතිව install නොකර android os එක run කරලා බලන්න පුළුවන්
    
    * Installation කියන එක select කරොත් වෙන්නේ අපේ hard එකට android os එක install කරන setup එකට යන එක.

මෙන්න බලන්න screenshot ටිකක්.





එහෙනම් අදට post එක ඉවරයි... ඔයාලත් android os එක දාල try කරලා බලන්න

Monday, November 30, 2015

Hotel Transylvania 2 ( රාක්ෂ යාලුවෝ 2 )


Tech ගැන ලියන අතරේ Movie එකක් ගැනත් ලියන්න හිතුන ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් එක පාරට movie එකක් ගැන ලියන්නේ යන්නේ මොකද කියල.. එකට ප්‍රදාන හේතුව තමා මම මේ movie එක එනකම් මම ගොඩක් බලන් හිටිය මොකද මම ආසම ආස movie එකක් හින්ද.. නමුත් ඒ දවස්වල හොද copy එකක් තිබ්බේ නැහැ.. ඊයේ baiscope එකේ දැකල තමයි අද download කරගෙන බැලුවේ.. :) Sony Pictures ල තමයි මේ movie එක හදල තියෙන්නේ.. මේ movie එක නමින් Hotel Transylvania 2 (රාක්ෂ යාලුවෝ 2 ) ... ඔය සිංහල නමනම් මම හිතල දැම්මේ :) . IMDB අගය 7/10 ලැබිල තියෙනවා.


ඉතින් මේකේ කතාව ගැන කියනවනම්..

                                                        මේකේ වැඩිපුර ඉන්නේ රාක්ෂයෝ මේ ගොල්ලෝ හරි සතුටින් ඉන්නේ ලස්සන හෝටලේක හෝටලේ නම තමයි ට්‍රාන්සිල්වෙනියා .... මේ ගොල්ලෝ මිනිස්සුන්ට බයයි.. මොකද මිනිස්සු නිසා මේ ගොල්ලොන්ට ගොඩක් අසාදාරන වෙලා තියෙන නිසා... මේ ගොල්ලෝ මෙහෙම ඉන්නකොට එක කොල්ලෙක් එනවා .. එයා නමින් ජොනි.. මෙයා මනුස්සයෙක්.. ඊට පස්සේ අපේ Transylvania හෝටලය හදපු ඩ්‍රැකියුලගේ දුවත් එක්ක මෙයා ආදරයෙන් බැදෙනවා. ඊට පස්සේ දෙන්න විවාහ වෙනවා .. ඊට පස්සේ ඔවුන්ට හුරතල් පුතෙක් ලැබෙනවා... එත් එක්කම අපේ ඩ්‍රැකියුලට එන ප්‍රශ්නයක් තමා  මේ ලැබුන පුතා මනුස්සයෙක්ද නැත්නම් ඩ්‍රැකියුල වගේ කෙනෙක්ද කියන එක ගැන? ඒ කිව්වේ පියාබන්න , වවුලෙක් වෙන්න වගේ හැකියාවන් තියෙනවද කියල බලන එක... ඉතින් ඔන්න ඔහොම තමා කතාව යන්නේ... 


ඉතින් මම දීලනම් තියෙන්නේ torrent link එකක් ෆිල්ම් එක හොදයි කියල හිතෙන කට්ටිය download කරගෙන බලන්නකෝ.. එහෙනම් අපි ගියා..

Torrent download කරගන්න Utorrent, Bittorrent වැනි software බාවිතා කරන්න පුළුවන්

Hotel Transylvania 2 2015 720p HDRip - 733 MB

Hotel Transylvania 2 2015 1080p HDRip - 1.45 GB


ඔන්න අපෙන් AVG Pc Tuneup 2016 Serial එක්කම.


ඔව්.. අද post එක ලියන්න යන්නේ ලෝකෙම නම දිනාගෙන ඉන්න  Tuneup එකක් වන AVG Pc Tuneup එක ගැන... ඉතින් මේකේ අලුත්ම version එක වන AVG Pc Tuneup  2016  තමා අද ඔයාලට දෙන්නේ.. නව විශේෂාංග බොහොමයකින් සහ අලුත් පෙනුමකින් මෙය සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ computer එක වැඩ කරන්නේ slow නම් computer එකේ ගොඩක් අවුල් තියෙනවා කියල හිතෙනවනම් මේකෙන් try එකක් දාල බලන්න පුළුවන්..  එහෙනම් අදට post එක ඉවරයි .. මොකක් හරි අවුලක් තියෙනවනම් comment එකක් දාල යන්න...


Screenshot එකක්.


AVG Pc Tuneup (32 bit)

AVG Pc Tuneup (64 bit)

මෙතනින් Serial එක ගන්න.