Sunday, March 19, 2017

මගේ Digital Storage එක.... (NAS-Network Attached Storage)


ඔන්න ඉතින් මාස දෙකකට පස්සේ තවත් අලුත් පොස්ට් එකක් ලියන්න හිතුනා .. මේක තම මම 2017 ලියන අලුත්ම පොස්ට් එක... ඉතින් අද කතා කරන්න හැදුවේ ඉස්සෙල්ල පොස්ට් එකේ වගේම Network  සම්බන්ද දෙයක් ... මගේ පරණ පොස්ට් එක දැක්කේ නැත්නම් මෙන්න ලින්ක් එක ...  .  ඉතින් අද කතා කරන්න  යන්නේ මම කරපු පොඩි වැඩක් ගැන... ඇත්තටම මේක ගැන කිව්වොත් මේක network storage එකක් ... මේක අපිට remotely access කරලා file  download කරන්න upload කරන්න වගේ දේවල් කරන්න පුළුවන් ...ඒ වගේම තවත් දේවල් ගොඩක් කරන්න පුළුවන්

ඉතින් මෙහෙම එකක් හදන්න ඇත්තටම මට උවමනා උනේ .. අපේ ගෙදර තියෙන්නෙත් ටැබ් එකක් එකේ storage 16GB මේකේ os එක දුවන්නම 8GB විතර ගන්න නිසා මාර ඉක්මනට මේකේ storage එක full වෙනවා . මේ නිසා මම හිතුව Portable hard එකක් වත් ගන්න කියල නමුත් ඒවගේ price එක දැක්කම හිතුන portable hard ඕනේ නැහැ කියල ... ඕක ගැන හිත හිත ඉද්දි තම මට මේ NAS (Network Attached Storage ) එකක් ගැන මතක් උනේ .. මේක මම ඉස්සෙල්ලම දැක්කේ කාලිංග අයියගේ blog  එකේ ... ඉතින් මම කොහොම හරි හැදුව ...


මම මේක සදහා යොදාගත්තේ මගේ පරණ computer එක .. නමුත් එකේ ඒ වෙද්දීත් Motherboard එක ගිහින් තිබ්බේ .. එක හින්ද අලුත් motherboard එකක් දාල මම මගේ  වැඩට බැස්ස ... මම  මේක සදහා යොදාගත්තේ FreeNas   කියන os එක මේක open source එකක් ..එක නිසා කිසිම අවුලක් නැතිව download කරගන්න පුළුවන් ... මම පහලින් දැන්නම් ලින්ක්  එක ...
            www.freenas.org

මෙන්න අලුතෙන් දැම්ම Motherboard එක.



මම අලුතෙන් ගත්ත Network Card එක ..



මගේ computer එකේ specs ...

Processor  : Intel Core 2 Duo
Ram            : 2GB DDR 2
Hard Drive : Samsung 120GB (SATA ) IDE උනත් අවුලක් නැහැ ...

 මේකේ හොදට os එක දුවනවා කිසිම අවුලක් නැතිව .... P4 machine එකක උනත් අවුලක් වෙන එකක් නැහැ ...

ඇත්තටම මගේ ලැප්ටොප් එකත් කැඩිලා හින්ද තමා මම මේක හදාගත්තේ .. මම එකේ 500GB hard එකත් මේකට ගහන්න කියල තමයි  හිතන්  ඉන්නේ කොහොම උනත් 120GB Hard එකත්  හොදටම ප්‍රමාණවත් Normal user කෙනෙක්ට .....

මගේ Samsung hard එකට අමතරව මම 20GB hard එකක් පාවිච්චි කරා Freenas install කරන්න මොකද  windows install කරනවා  වගේ එක hard එකකට විතරක් තියාගෙන මේක කරන්න බැහැ ... ඔයාලට  කැමතිනම් Pen Drive එකකට උනත් freenas install කරන්න පුළුවන් ... මොකද දැන් කාලේ 20GB hard drivers ගන්න නැති නිසා ...

ඉතින් මේක   හැදුවට පස්සේ ඔයහොල්ලන්ට එන ගැටලුව වෙන්නේ කොහොමද මේකේ තියෙන files access කරන්නේ කියන එක ... ඉතින් මේක local network එකක දුවන නිසා ඔයගොල්ලන්ට Wifi Router එකක් ඕන වෙනවා මොකද NAS එකයි අනිත් Devices (Laptop ,Smart Phones ) වගේ දේවල් connect කරගන්න ... ඔයාගේ ගෙදර තියෙන්නේ NAS එකයි තව ඩෙස්ක්ටොප් PC එකක් විතරයි නම් Network Hub එකක් හෝ Switch එකක් පාවිච්චි කරාට කමක් නැහැ ...

ඊට පස්සේ කරන්න තියෙන්නේ Network Interface එක configure කරගන්න එක .. එක කරන්න තියෙන්නේ NAS එකෙන් ....

ඔය 1) කියල තියෙන එකෙන් තමා අපේ NAS එකේ IP එක හදාගන්න ඕනේ ... 1) select කරලා ඉස්සරහට යද්දී  Configure IPv4 කියල එකක් හම්බ වෙයි එකට ඔය කැමති IP එකක් දෙන්න  (192.168.1.5 වගේ  ) ... එතැනදී ඔය දුන්න IP එකෙන් තමා ඔයාට Browser එකෙන්  Log වෙන්න පුළුවන් වෙන්නේ ... 

ඔය වැඩ ටික ඉවර උනාට පස්සේ අපේ වැඩේ ගොඩක් දුරට සම්පුර්ණයි ... දැන් කරන්න තියෙන්නේ ඔයා  NAS එක සම්බන්ද කරලා තියෙන network එකටම ඔයාගේ Desktop එක හරි Laptop  එක හෝ Mobile Phone එක Wifi හරහා හරි Ethernet Port එක හරහා හරි සම්බන්ද කරලා NAS එකට log වෙන එක ....

පලවෙනි වතාවට ලොග් වෙද්දී නම් username ,password අහනවා අඩුයි ... මගෙන්නම් ඇහුවේ නැහැ 

ඔයා NAS එක log උනාට පස්සේ ඔය  පහල  විදිහට  admin password එක වෙනස් කරන්න ...



 ඊට පස්සේ ඔයාට ඕනෙනම් තවත් users මේකට කැමති ගානක් එකතුකරගන්න පුළුවන්  ....





      ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ hard එක format කරලා අලුත් volume එකක් හදාගන්න එක .


 එකට වම් පැත්තේ Volumes කියන tab එකේ ( + ) button එක ඔබන්න ඊට පස්සේ Create Volume කියන එක select කරන්න . ඊට පස්සේ Volume name එකට කැමති නමක් දෙන්න ඊට පස්සේ Filesystem type කියන එකට ZFS දෙන්න > Member Disks කියන එකෙන් තමන්ගේ Hard Drivers ටික select කරලා Add Volume දෙන්න .. 



එකෙන් පස්සේ කරන්න තියෙන්නේ අපිට අපේ NAS එකේ තියෙන file access කරන්න පුළුවන් විදිහට FTP enable කරන එක ...



එකට අපිට කරන්න තියෙන්නේ ඔය උඩ තියෙන Option Bar එකෙන් Services කියන එක තෝරන එක .. ඊට පස්සෙ FTP එක ඉස්සරහ තියෙන off button එක  click කරන්න ඊට පස්සේ එක on වෙයි ...දැන් ON button එක එහාපැත්තෙ තියෙන settings button එක ඔබල තමන්ට කැමති විදිහට එක config කරගන්න 


ඊට පස්සේ අපේ වැඩේ ගොඩක් දුරට හරි ...දැන් ඉතින් කරන්න තියෙන්නේ NAS එකට file ටිකක් upload කරලා බලන එක තමා ...මේකට windows වලදී නම් අපිට FileZilla use කරන්න පුළුවන් ...Android වලදී නම් AndFTP කියන app එක use කරන්න පුළුවන් .... 

IOS වලනම් තාම check කරන්න බැරි උනා....  කොහොම හරි files ටික NAS එකට upload කරාට පස්සේ Windows වලනම් Filezilla එකෙන්ම NAS එකේ තියෙන files ටික access කරන්න පුළුවන් ...Android වලදිනම්   ES File Explorer කියන file manager එක හරි වෙන file manager එකක් හරි use කරලා NAS එකේ තියෙන files access කරන්න පුළුවන් ...

මීට පස්සේ NAS එක තියෙන හින්ද Storage ගැන වද වෙන්න ඕනේ නැහැ ... ඔයාට ඕනෙනම් තමන්ගේ Computer එකේ හරි Mobile Phone එකේ හරි files කෙලින්ම NAS එකට Backup වෙන්න හදන්නත් පුළුවන් ....
ඔයාලත් කැමතිනම්  මේ වගේ NAS එකක් හදාගන්න පුළුවන්.. මොනවා හරි ගැටලුවක් තියෙනවනම් comment එකක් දාල අහන්න .. අදට එහෙනම් post එක ඉවරයි තවත් post එකකින් හමුවෙමු ....