Saturday, January 30, 2016

External Hard Disk එකක් ගද්දි සැලකිලිමත් වියයුතු කරුණු.


ඔව්.. ලොකු කාලයකට පස්සේ ඔන්න post එකක් ලියන්න හිතුන ... ඉතින් අද කියන්න යන්නේ  External hard disk එකක් ගද්දි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කිහිපයක් ගැන...

සාමාන්‍යයෙන් කෙනෙකුට external hard disk එකක් අවශ්‍ය වෙන්නේ.... ඔහු නිතරම විශාල දත්ත ප්‍රමාණයක් එහා මෙහා ගෙන යනවනම් හෝ තමන්ගේ internal hard disk එකේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම යන කරුණු මතය..... එසේම pen drivers වලට වඩා හොද data transfer speed එකක් මේවා සතුවන නිසා computer එකකින් තවත් computer එකකට copy කිරීම් වැනි දේවල් පහසු කරයි... තවද බොහෝ දෙනෙකු තමන්ගේ backups තබාගැනීමට external hard disk බාවිතා කරයි.

මම ඒ සදහන් කලේ external hard disk වල බාවිතයන් ගැනයි....


  •  සාමාන්‍ය external hard disk එකක capacity එක 250GB සිට ඊට ඉහල අගයක් ගනී.. එසේම සාමාන්‍ය internal hard disk එකකට සාපේක්ෂව මේවායේ මිල ගණන් තරමක් ඉහල අගයක් ගනී.....
  • වර්තමානයේ බොහෝ පරිගණක වල මෙන්ම external hard disk වලට USB 3.0 තාක්ෂණය දැකගන්න පුළුවන්.... මෙම USB 3.0 තාක්ෂණයේදී USB 2.0 තාක්ෂණයට වඩා දස ගුණයකින් දත්ත හුවමාරු වේගයක් බලාපොරොත්තු විය හැකිය... එම නිසා USB 3.0 external hard disk එකක් මිලට ගැනීම නුවනට හුරුය... නමුත් මෙයින් ගැටළු පැනනගින්නේ USB 2.0 port ඇති පරිගණකයකට මෙය සම්බන්ධ කරන්න ගිය විටය...
  • තවද hard drive එකේ බාවිතා වෙන තාක්ෂණය සොයා බැලීම වැදගත්ය... දැනට තිබෙන නවීනම තාක්ෂනය නම් SSD(Solid Slate Disk) තාක්ෂණයයි. මෙහි සාමාන්‍ය hard disk වල මෙන් තැටි බාවිතා නොවෙයි ඒ වෙනුවට මෙහි ඇත්තේ chips ටිකක් පමණි... මෙහිදී වේගය අතින් ජය ලබන්නේ SSD තාක්ෂනයයි.... එසේම මේවාට සෙලවීම් කම්පන වැනි දේවල් වලින් වන හානිය අවමය..නමුත් මෙහි ඇති එකම අවාසිය නම් මිලෙන් අදික බවය.
  • External hard disk එකක් මිලදී ගැනීමේදී හොද Brand එකක් තියෙන hard drive එකක් මිලදී ගැනීමට උත්සුක වන්න.
  • උබ සාමාන්‍ය hard drive (Magnetic) එකක් මිලදී ගන්නේ නම් RAID තාක්ෂනය සහිත hard drive එකක් මිලදී ගැනීම වඩාත් යෝග්‍යය... මොකද ඒවායේ වේගය ඉහල බැවිනි..
  • උබ External hard drive එකක් මිලදී ගන්න සිටින කෙනෙක් හෝ මිලදී ගත කෙනෙක් නම් නිතරම එහා මෙහා hard එක ගෙනියනවනම් Travel Case එකක් තිබිම හොදය.. මොකද පලුදු වීම, කම්පන වැනි දේවල් අවම කරගත හැකි බැවිනි...
එහෙනම් අදට post එක ඉවරයි.. නැවත අලුත් post එකකින් හමු වෙමු...