Saturday, September 26, 2015

Android Phone එකක් විනාඩි කිහිපයකින් root කරගමු


ඔව්.. අද ඉතින් ටික කාලෙකට පස්සේ post එකක් ලියන්න හිතුනා.. මේ දවස්වල phone එකක් අල්ලගෙන එක එක වැඩ කර කර ඉන්නවා.... එක හින්දම phone එකක් ලේසියෙන්ම root කරන විදිහ කියන්න හිතුවා..
එහෙනම් අපි පියවරෙන් පියවර වැඩේ කරලා බලමු... :)

Root කිරීමේ වාසි 

- දුරකතනයේ සියලුම පාලන බලතල හිමිවේ.
- custom rom install කල හැකිවේ.
- uninstall කරන්න බැරි apps uninstall කල හැකිවේ.
- දුරකථනය වේගවත් කරගත හැක.
- දුරකතනයේ බැටරි කාලය වැඩි කර ගත හැකි වේ.
- ඔය වගේ කරුණු කිහිපයක්

Root කිරීමේ අවාසි

- දුරකතනයේ warranty එක අහෝසි වේ. (මම දෙන software එකේ unroot කිරීමේ හැකියාව පවතී.)
- root කරන අතරතුර මොකක් හරි තමාගේ අත්වැරැද්දක් උනොත් phone එක brick වීමේ හැකියාව.
- ඔය වගේ කරුණු කිහිපයක්.

හරි එහෙනම් දැන් අපි වැඩේට බහිමු.

මේ වැඩේ කරන්න ඉස්සෙල්ල ලැප්ටොප් එකක් හරි නැතිනම් ups එකක් සහිත desktop එකක් තියෙනවනම් වඩා හොදයි.. මොකද ලංකාවේ විදුලිය ගැන විශ්වාසය තියන්න බැරි නිසා... මොකද ඔය අතරතුර විදුලිය විසන්ධි උනොත් phone එකට කෙල වෙන නිසා... :)

1.ඉස්සෙල්ලම මම දෙන software එක install කරගන්න.

2.තමන්ගේ phone එකට අදාලව drivers හොයාගන්න.. සමහර phone වලට auto drivers ගන්නවා.
3.දැන් ඔයාගේ phone එකේ debugging on කරන්න. (settings >> developer options >> usb debugging)


4.usb cable එක මගින් phone එක computer එකට connect කරන්න.


5.phone එක connect උනාට පස්සේ මෙහෙම වැටෙයි.ඊට පස්සේ root කියන button එක click කරන්න.

6.root උනාට පස්සේ මෙහෙම වැටෙයි.

ඊට පස්සේ phone එක restart වෙයි ... දැන් ඔයාට root access තියෙනවා.ඔයාලට මුලදී කිව්වා වගේ මේ software එක මගින්ම unroot කරගන්නත් පුළුවන්..

එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක් !!!



Tuesday, September 1, 2015

Google සමාගමේ Logo එක අලුත් කරයි.....


කාලයක් තිස්සේ මහජන හද දිනාගනිමින් පැවත එන සමාගමක් ලෙස Google සමාගම ගන්න පුළුවන්... ඉතින් 2015 September මාසය ආරම්බයත් සමගම google විසින් තමාගේ ලෝගෝ එක අලුත් කිරීමට පියවර ගෙන ඇත... ඔවුන් මෙය හදුන්වා ඇත්තේ "The logo becomes part of a new family that includes the Google dots and 'G' icon."   ලෙසයි.

                                               Google Logo ඉතිහාසය.


1998 එළිදැක්වූ ලෝගෝ එක.


1998 අගෝස්තු 30 එළිදැක්වූ ලෝගෝ එක.


1998 සැප්තැම්බර් එළිදැක්වූ ලෝගෝ එක.


1999 මැයි එළිදැක්වූ ලෝගෝ එක.



2010 මැයි එළිදැක්වූ ලෝගෝ එක.




2013  සැප්තැම්බර් එළිදැක්වූ ලෝගෝ එක.



2015  සැප්තැම්බර් එළිදැක්වූ ලෝගෝ එක.